ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මුල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාව සඳහා සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කරගැනීමේContinue Reading

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීමට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබේ. පොලිසිය විසින් අධිකරණයට සිදුකරන ලද කරුණු දැක්විමක් සැලකිල්ලට ගනිමින් මෙම වරෙන්තු නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේය. ඒ අනුව, අතුරලියේ රතන හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත්Continue Reading

ගෝලීය විද්‍යුත් වාහන තරගයේදී සියල්ලන් අභිබවා පෙරට පැමිණ සිටින චීනය දැන් මුළුමනින්ම විද්‍යුත් බලයෙන් ක්‍රියාකරන EV වෙනුවට විදුලිය සහ ඉන්ධන යන දෙආකාරයෙන්ම ක්‍රියාකළ හැකි Hybrid වාහන වෙත වැඩි නැඹුරුවක් දක්වන බව වාර්තා වෙයි. මේ තත්ත්වය සංඛ්‍යාලේඛන දත්ත මගින්ද තහවුරු වී තිබේ. 2024ට සාපේක්ෂව 2025 වසරේ මුල් අර්ධයේදී චීනයේ බැටරි සහContinue Reading

මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය අත්හදා බැලෙන්නේ ග්වැන්ජෝ හි තාක්ෂණ ආයතනයක් මගිනි. කෙසේ වෙතත්, ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැත.Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කර තිබේ. මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ භාරදුනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රමContinue Reading

ඍජුවම පොලිස්පති කාර්යාලය හා සම්බන්ධ වීමට හැකි නව වට්ස්ඇප් අංකයක් පොලීසිය විසින් මහජනතාවට හඳුන්වා දී තිබේ. මහජනතාවට මුහුණපෑමට සිදුවන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව දැනුම්දීම සඳහා පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් මෙම වට්ස්ඇප් අංක හඳුන්වා දී ඇත. ඒ අනුව 071 – 8598888 යන නව වට්ස්ඇප් අංකය අද (13) සිට ක්‍රියාත්මකContinue Reading

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකු හා වරෙන්තකරුවන් 422 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 7,185කට අධික සංඛ්‍යාවක්Continue Reading

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය. අද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය. එහිදී ඔහු වැඩිදුරත් පවසා සිටියේ, මී උණ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මඩේ බැසීම හේතුවෙන් බවය.Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එන සතියේ සිට දැවැන්ත සටනක් ආරම්භ කරන බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එකමුතුව පවසයි. මේ අතර මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමේ තීරණය සම්බන්ධයෙන් එම එකමුතුව ලෝක සංවිධාන තුනකටත් අසල්වැසි ඉන්දීය රජයටත් පසුගිය සතියේ දී පැමිණිලි කළේය ජිනීවා මානව හිමිකම් සංවිධානය, ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ යුරෝපාContinue Reading

පිලිපීනයේ පැවති Queen Of International Tourisum 2025 තරගයේ ප්‍රධාන කිරුළ හිමි කර ගැනීමට අදිත්‍යා වැලිවත්ත සමත් වී තිබේ.  එමෙන්ම මෙම තරගයේදී හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අදිත්‍යා වැලිවත්තට හැකි වුණි. Continue Reading