කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින (09) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස්Continue Reading

මහනුවර, තැන්නේකුඹුර පාලම ආසන්නයෙන් අතුරුදන් වූ බවට පැවසූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ මෘත ශරීරය මහවැලි ගඟේ පාවෙමින් තිබිය දී සොයාගෙන තිබේ. දරුවාගේ මෘත ශරීරය මහවැලි ගඟේ හාරගම ප්‍රදේශයේ පාවෙමින් තිබිය දී අද (10) පෙරවරුවේ සොයාගෙන ඇත. එලෙස මෘත ශරීරය හමුව ඇත්තේ,  රවිචන්ද්‍රන් ජෙගදිස් නැමති 14 හැවිරිදි වියේ පසුවූ පාසල් සිසුවාගේය.Continue Reading

සංචාරයන් සඳහා මෙරටට විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්ය. ඔවුන් දෙදෙනා සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හාContinue Reading

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම නියම කර තිබේ.Continue Reading

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන්  හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින්Continue Reading

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය රෝගී තත්ත්වයෙන් පෙළෙන බවද එහිදී වැඩිදුරටත් හෙළිවී ඇත. සිදුකළ පර්යේෂණ හරහා මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති මහාචාර්ය මියුරු චන්ද්‍රදාසContinue Reading

නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක පිහිණුම් තටාකයක් තුළ වයස අවුරුදු 5ක දරුවෙකු මියයෑම සම්බන්ධයෙන් එම දරුවා ඉගෙනුම ලැබූ පෙර පාසලේ සහකාර විදුහල්පති ඇතුළු 7ක් මිරිහාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 8වනදා පෙරවරුවේ මිරිහාන, ස්ටැන්ලි මාවත ප්‍රදේශයේ පිහිටි හෝටලයක දී මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා විය. එදින මියගිය දරුවා ඇතුළු දරුවන් කණ්ඩායමක් ගුරුවරුන්Continue Reading

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අත්සන් කර තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) තීන්දු කළේය. ඉංජිනේරු කපිල රේණුක පෙරේරා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි. දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීතිContinue Reading

2025 අයවැය මඟින් වැටුප් වැඩි නොවුණු විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් සිටින බවත් 2026 අයවැය මඟින් ඔවුන් වෙත ප‍්‍රතිලාභ සලසන්න කටයුතු කරමින් සිටින බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූයේ ‘සවිමත් සුවපත් දිරිමත් දිවියක්’ යන තේමාව යටතේ විශ‍්‍රාමContinue Reading

රිමාන්ඩ් භාරයේ පසුවන බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී, විමර්ශන සිදුContinue Reading