බොරැල්ල, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ වේලා සටහන්කරුවෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු පුද්ගලික බස් රථයේ ධාවන සටහන් පත්‍රය අත්සන් කර ධාවන වේලාවක් සකස් කර දීම සඳහා සහ නියමිත ගමන්වාර සියල්ල ලබා දීම සඳහා එක් ගමන් වාරයකට රු.200/- (රුපියල් දෙසීයක)Continue Reading

ඉන්දුනීසියාවේ බටහිර පැපුවා කලාපයේ අද (12) ප්‍රබල භූ කම්පනයක් වාර්තා වී තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එය රික්ටර් මාපකයේ 6.5ක ලෙස සටහන් වූ බවය. කෙසේ වෙතත් මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පැවසුවේය.Continue Reading

මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේ. ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) රැස්වූ අවස්ථාවේදී ය.Continue Reading

කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට නව දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ දේශීය සහ විදෙස් සංචාරකයින්ගේ දැඩි ඉල්ලුමක් පවතින බැවින් එයට සරිලන ලෙස සති අන්තයේ මෙම නව දුම්රිය යෙදවූ බවය. ඒ අනුව Ella Weekend Express නමින් නව දුම්රියක් එළැඹෙන 16 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකමContinue Reading

2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (12) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ පර්සීස් තාරුකාව ආශ්‍රිතව සිදුවන බැවින් මෙම උල්කාපාත වර්ශාව  පර්සීස් වශයෙන් නම්කර ඇති බවය. එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හොඳින්ම දැකගත හැකිContinue Reading

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ මහතා අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.Continue Reading

කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. අද (12) අලුයම 3ට පමණ මාදුරුඔය  සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහContinue Reading

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබාගෙන ඇති ණය ගෙවා අවසන් කරනතුරු ඉන්ධන සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමට හැකියාවක් නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ අදාළ බදු ඉවත් කිරීම සිදුකළහොත් ණය ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වන බවය.Continue Reading

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 975 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අපරාධවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 21 දෙනෙකු හා වරෙන්තකරුවන් 422 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 7,185කට අධික සංඛ්‍යාවක්Continue Reading

මාරාන්තික මී උණ රෝගය මේ වනවිට හිස ඔසවමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපල් පෙරේරා මහතා පැවසීය. අද (11) පෙරවරුවේ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව හෙළි කළේය. එහිදී ඔහු වැඩිදුරත් පවසා සිටියේ, මී උණ රෝගය බොහෝ විට වැළඳෙන්නේ මඩේ බැසීම හේතුවෙන් බවය.Continue Reading