දිවයින පුරා සිදුවූ මාරක රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (09) දිනයේදී සිදුව ඇති බවය. ඒ අනුව ඊයේ අලුයම් කාලයේදී මැදවච්චිය පොලිස් වසමේ කැබිතිගොල්ලෑව මැදවච්චිය මාර්ගයේ දෙවන කිලෝමීටර් කණුව අසලදී මැදවච්චිය දෙසට ධාවනය වූ රථයක් මාර්ගය අයිනේ ගමන් කළContinue Reading

2025 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අද (10) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද පෙරවරු 9.30ට දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව ඇත. ඒ වෙනුවෙන් විභාග මධ්‍යස්ථාන සූදානම් කිරීම සහ දූමායනය කිරීම ඊයේ (09) දිනයේදී සිදු කෙරිණි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්කරුවන් 307,951 පෙනී සිටීමටද නියමිතය. ශිෂ්‍යත්වContinue Reading

මුළු දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 907 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 17 දෙනෙකු හා වරෙන්තකරුවන් 343 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය. මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ආරක්ෂක නිලධාරීන් 6,129කට අධික සංඛ්‍යාවක්Continue Reading

ලෝක ආදිවාසී දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු ජාතික සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරුවේ දඹාන ආදිවාසී කෞතුකාගාර පරිශ්‍රයේ දී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආදිවාසී නායක, විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ 1996 වසරේදී ජිනීවාහි ආදිවාසී සමුළුවට සහභාගී වීමත් සමඟ ලෝක ආදිවාසී දින සැමරුම් උත්සවය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමේContinue Reading

බලන්ගොඩ, දෙහිගස්තලාව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකින් 7 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. පොලීසිය සදහන් කළේ අද (9) අලුයම 3.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවය. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව බලන්ගොඩ පොලීසිය විසින් දරුවාගේ මළසිරුර සොයාගෙන ඇත. මියගිය දරුවාගේ මව සහ පියා නිවසේ සිට ඇති අතර, ඔවුන්ට ගින්නෙන් කිසිදුContinue Reading

දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසකගේ අවධානය දිනාගත් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය නැරඹීමට විශාල පිරිසක් පැමිණියද, එහි ප්‍රවේශපත් නිකුත් කිරීමට නිසි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් එහි දිගු පෝළිම් නිර්මාණය වී තිබේ. මේ සඳහා කඩිනම් විසඳුමක් ලබාදී අපහසුවකින් තොරව වනෝද්‍යානය නැරඹීමට අවස්ථාව සලසා දෙන ලෙස දෙස් විදෙස් සංචාරකයින් බලධාරින්ගෙන් ඉල්ලා සිටී. විදෙස් සංචාරකයින් වැඩි වශයෙන්Continue Reading

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පාලනය අත්පත් කරගැනීමට ගත් තීරණය ගැන ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ල පළකරන බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. එම තීරණය ගාසා තීරයේ තවදුරටත් ප්‍රචණ්ඩත්වය වර්ධනයවීමට සහ එම ප්‍රදේශයේ සිටින ජනතාවගේ දුක් වේදනා තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇති බව එහි දැක්වේ.Continue Reading

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ නිමාව සනිටුහන් කරමින් සිදු කරන චාරිත්‍රය වන දිය කැපීමේ චාරිත්‍රය අද (9) පෙරවරුවේ සුබ නැකැතින් ගැටඹේ මහවැලි ගංතොටදී සිදු කළේය. අවසන් රන්දෝලි මහා පෙරහර නිමා වී සධාතුක කරඬුව අස්ගිරිය ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කර සිව්මහා දේවාලයන්හි පෙරහර සමග ගැටඹේ මහවැලි ගං තොටදී මෙම දිය කැපීමේ චාරිත්‍රයContinue Reading

මිනුවන්ගොඩ පොලිස් වසමේ උන්නාරුව ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 01යි ග්‍රෑම් 66ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 308ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඊයේ (08) සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන වයස අවුරුදු 37ක් වන සැකකරු මිනුවන්ගොඩ පොලිස්Continue Reading

පිලිපීනයේ පැවති Queen Of International Tourisum 2025 තරගයේ ප්‍රධාන කිරුළ හිමි කර ගැනීමට අදිත්‍යා වැලිවත්ත සමත් වී තිබේ.  එමෙන්ම මෙම තරගයේදී හොඳම ජාතික ඇඳුමට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අදිත්‍යා වැලිවත්තට හැකි වුණි. Continue Reading