එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද (20) පැවැත්වෙයි. ඒ, එම පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී සංවත්සර උත්සවය පැවැත්වෙයි.Continue Reading

දේවාලේගම පොලිස් වසමේ බටුවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු විසින් ඊයේ (19) රාත්‍රියේ ඔහුගේ බිරිඳට හා පුතාට පහරදී පුත්‍රයා ඝාතනය කර තිබේ. බිරිඳ තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති බවට දේවාලේගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිද්ධිය පිළිබඳ විමර්ශන ආරම්භ කෙරුණි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ බටුවත්ත, හැලමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.Continue Reading

තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි. පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර දී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීම සඳහා අද (20) අලුයම දිවයිනෙන්Continue Reading

අද (20) දිනයේ බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දිනය සඳහා නවතම කාලගුණ අනාවැකිය නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි. ඒ අනුව ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස 1න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසිContinue Reading

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වාර්තාවක් පොලිසිය විසින් අද (19) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවට මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට එම වාර්තාවContinue Reading

බලශක්ති ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ පූර්ව අයවැය සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (18) පැවැත්විණි. මෙරට දිනෙන් දින ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.   විශේෂයෙන් නව රජයේ වැඩපිළිවෙළ යටතේContinue Reading

ඉදිරි අයවැය රටේ සංවර්ධනයට අඩිතාලමක් වනු ඇති බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ පවතින සීමිත මුදල් ප්‍රමාණය මෙරටට ආයෝජන ගෙනෙන වැඩපිළිවෙළ සඳහා යොදවා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට රජය අපේක්ෂා කරන බවය. අයවැය පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්තContinue Reading

උඩුදුම්බර, දඹගහපිටිය හපුදණ්ඩුවල ප්‍රදේශයේ දී මවක් සිය දරු තිදෙනාට වස පානය කිරීමට සලස්වා ඇයද වස පානය කර ඇති බව වාර්තා වේ. මේ වනවිට එම මව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැවසීය. මෙලෙස මියගොස් ඇත්තේ 32 හැවිරිදි කාන්තාවක්ය. ඇගේ සැමියා මීට දින දෙකකට පමණ මියගොස් ඇති අතර, 34 හැවිරිදි වියේ පසුContinue Reading

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් සවස 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිContinue Reading

අත්අඩංගුවට ගනු ලැබූ සබරගමුව පළාත් හිටපු මහාමාර්ග හා ක්‍රීඩා අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ මහතා ඔක්තෝබර් 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය. 2016 – 2017 කාලවකවානුවේ ඔහුගේ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති කිහිපයක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හාContinue Reading