මොනරාගල වැලියාය ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් සහ විනෝද චාරිකාවක් ගිය පුද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුවී තිබේ. අනතුරෙන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මගී බස් රථයේ 32 හැවිරිදි රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයින් 22ක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ දඹගල්ල සිට මොනරාගලContinue Reading

වැවක දියනෑමට ගිය 12 හැවිරිදි දරුවෙකු දියේ ගිලී මියගොස් තිබේ. ඊයේ (15) දහවල් කාලයේදී මදුරන්කුලිය පොලිස් වසමේ වීරපුර ගැමුණු වැවේ ගිලී පිරිමි දරුවෙකු මෙලෙස මියගොස් ඇත. පොලීසිය සඳහන් කළේ එම දරුවාව පුත්තලම රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවය. මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ කරිකට්ටිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මෙමContinue Reading

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා ආරම්භයට පෙරම රු 8,409,000ක විදුලි බිලක් ලැබී ඇතැයි අද (15) අනාවරණය වුණි.  ඒ අද හිටපු මන්ත්‍රීවරු පිරිසක් එහි සංචාරයක නියැලුණු අවස්ථාවේ දීය. අදාළ විදුලි බිල නොගෙවීම හේතුවෙන් මේ වනවිට එම උෂ්ණත්ව පාලිත කෘෂිකර්මContinue Reading

ඉන්දියාවේ 79වන නිදහස් දිනය නිමිත්තෙන් මෙරට මුද්‍රිත මාධ්‍යවල පළ කරනු ලැබූ දැන්වීම් අතිරේක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ මට්ටමේ නිලධාරීන්ගේ හමුවකදී දැඩි අවධානය යොමුවී තිබේ. හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයින් කිහිපදෙනෙකුද සහභාගී වූ මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් සකස් කරනු ලදුව මුද්‍රිත මාධ්‍ය ආයතන සඳහා නිකුත් කරනු ලැබූContinue Reading

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.  මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය.Continue Reading

කීරි සම්බා සහල් හිඟයක් මෙරට තුළ කෘතීමව ඇති කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපාකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය. ඔහු පවසන්නේ ඊට විසඳුමක් නොලැබුණහොත් කීරි සම්බා ආදේශන සහල් ආනයනය කිරීමට තීරණය කර ඇති බවය. අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.Continue Reading

රට තුළ සමලිංගිකත්වය ප්‍රචලිත කිරීම සඳහා විදේශීය සංවිධාන සමග එක්වී පිරිසක් කටයුතු කරමින් සිටින බව අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමියන් පවසයි. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ඇතැම් දේශපාලන පක්ෂ මෙන්ම දේශපාලන නායකයින්ද මේ සඳහා සම්බන්ධ බවය. ඊයේ (14) කොළඹ පැවැති රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ධර්ම කීර්ති ශ්‍රී ආචාර්ය අකුරැටියේ නන්ද නායක ස්වාමීන් වහන්සේContinue Reading

වතු කම්කරු වැටුප් වැඩිකිරීම රජයට අභියෝගයක් වී ඇති බව ප්‍රවාහන,මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සහ මුදල් අමාත්‍යංශය අඛණ්ඩය මේ සම්බන්ධයෙන් මැදිහත් කිරීම් සිදුකරමින් සිටින බවද බිමල් රත්නායක අමාත්‍යවරයා පෙන්වා දෙයි. නානුඔය දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්Continue Reading

අද (15) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි. වයඹ සහ උතුරු පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකිය. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්Continue Reading

නුවරඑළිය ඩිපෝවට අයත් ගාල්කර තිබූ බස් රථයක එංජිමට යූරියා පොහොර දැමීමක් සම්බන්ධයෙන් නුවරඑළිය හයිෆොරස්ට් පොලීසිය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත. නුවරඑළියේ සිට හයිෆොරස්ට් දක්වා දිනපතා ධාවනය වන බස් රථයකට මෙලෙස යූරියා පොහොර දමා තිබේ. එම බස් රථය හයිෆොරස්ට් ප්‍රදේශයේ ගාල් කර තිබියදී ඉකුත් 12වනදා රාත්‍රියේ කිසියම් පුද්ගලයෙකු විසින් එංජිම තුළට මෙලෙසContinue Reading