ලංවිම වෘත්තිය සමිති රැසක් හෙට ලෙඩ වෙන ලකුණු
යෝජිත විදුලි බල පනත හකුලාගන්නා තෙක් අඛණ්ඩව සටන්වැදීමට සූදානම් බව විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති පවසයි. අද ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔවුන් සඳහන් කළේ විරෝධයේ පළමු අදියර හෙට ආරම්භ කරන බවය. අසනීප නිවාඩු වාර්තාකරමින් විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී වෘත්තීය සමිති 28ක නියෝජිතයින් හෙට විරෝධතාවක් සිදුකිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.Continue Reading







