මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ. මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.  මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර පසුව එහි සේවයContinue Reading

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය  සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (16) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඒ අනුව, ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසන ලද අතර, මේContinue Reading

අක්කරපත්තුව ප්‍රදේශයේ මීරා ඕඩෙයි ඇළට වැටී වයස අවුරුදු 02ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම දරුවා වතුර මත පාවෙමින් සිටියදී ඥාතීන් විසින් සොයා ගෙන පසුව අක්කරපත්තුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහු අද සිය දෙවැනි උපන්දිනය සැමරීමට නියමිතව සිට ඇත. මීරා ඕඩෙයි ඇළට වැටී පසුගියContinue Reading

2006 වසරේ කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළදී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට ඔහු ඝාතනය කිරීමට තැත් කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 04 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (16) නියමContinue Reading

මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් දිනකදී වැය කරන විදේශීය මුදල් ප්‍රමාණය වැඩි කර ගැනීමේ අරමුණින් Deep Jungle මැයෙන් සීගිරිය කේන්ද්‍ර කොටගෙන ලබන අගෝස්තු 22, 23 සහ 24 සංචාරක ආකර්ෂණීය සංස්කෘතික සැණකෙළියක් පැවැත්වීමට මේ වනවිට කටයුතු සංවිධානය කරමින් පවතියි. ශ්‍රී ලංකා රජය, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රාශියක සහයෝගයContinue Reading

පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයේ ‘රූ සිරි’ නමින් නවීන රූපලාවන්‍යාගාරයක් විවෘත කර තිබේ. මෙය පොලිස් සේවා වනිතා ඒකකයේ මුලිකත්වයෙන් වැඩිදියුණු කරන ලද අතර, ඊයේ (15) දින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණි. පොලිස් නිලධාරීන් පමණක් මෙතෙක් කාලයක් සහනදායි මුදලකට මෙහිදී සේවාව ලබාගැනීම සඳහා උදාකර තිබුණද මින් ඉදිරියට පොලිස් නිලධාරිනියන්ට,Continue Reading

වැලිගම, උඩුකාව ප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නිවසට අද (16) අලුයම 4.40ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුයෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ. අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, වෙඩි ප්‍රහාරය නිවසේ ගේට්ටුවට එල්ල වී ඇති බවය. අදාළ නීතිඥවරයා මරණ තර්ජනයක් හේතුවෙන් පොලීසිය මීට පෙරContinue Reading

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ. ඔහු 32 හැවිරිදි ග්‍රෑන්ඩ්පස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු සතුව තිබී රන් බිස්කට් 195ක් සහ ස්වර්ණාභරණ කිලෝ 13ක් තිබූ බව සඳහන් වේ.Continue Reading

හෙද සේවයේ පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් උදෙසා ගැසට් නිවේදන 02ක් එළැඹෙන සිකුරාදා දින නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. ඒ අනුව 2020 වසරේ සිට 2022 වසර දක්වා අපොස උසස් පෙළ විභාගයට ඉදිරිපත් වුණු පිරිසෙන් 2,650ක් සහ හෙද උපාධිය ලබා ගත් උපාධිදාරීන් 850ක් හෙදContinue Reading

මොරටුව නගරයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්ව තිබේ. ඊයේ (14) සවස් කාලයේ දී මෙම වැටලීම සිදුකර තිබූ අතර, එහිදී රු 5,000 මුදල් නෝට්ටු 10ක් සමඟ මෙම සැකකාරිය අත්අඩංගුවට පත්ව ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, 52 හැවිරිදි රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.  සැකකාරියගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්නContinue Reading