ඇල්ල දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල එක්වී නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ඒ යටතේ එම ප්‍රදේශය විදුලි ආලෝක පහන් දල්වා රාත්‍රී කාලයේද සංචාරකයින්ට නැරඹීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. ඒ සම්බන්ධයෙන් අද දෙරණContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඛනිජ තෙල් සංස්ථාවේ සිදු වූ බව කියන වංචාවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කිරීම සඳහා ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියේය.Continue Reading

රුපියල් මිලියන 97කට අධික වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි වීමේ චෝදනාව යටතේ හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිය, දියණියන් තිදෙනා සහ බෑනා ඇතුළු සිය පවුලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඊයේ (17දා) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය හමුවේ අධි චෝදනා භාර දුන්නේය. මෙම නඩුවේ විත්තිකරුවන් ලෙසContinue Reading

2024 වර්ෂයේ ක්‍රීඩා සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් බව ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය පවසයි. ඒ අනුව එම වර්ෂයේ ක්‍රිකට් තරග පාවාදීම්, තහනම් උත්තේජක භාවිත කිරීම ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 9ක් බව එම ඒකකය සඳහන් කළේය. 2024 වර්ෂයේ ලැබී ඇතිContinue Reading

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව පතොරම් සහ දඩමස් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (17) නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමක දී අත්අඩංගුවට ගෙන තිබේ. නුවරඑළිය නගරයේදී නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක්, ජීව පතොරම් 09ක්, ඊයම්බෝල 174ක් සහ දඩමස් ප්‍රවාහනයContinue Reading

මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් අද (17) පෙරවරුවේ විවෘත කෙරිණි.  නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ඇහැලේපොළ වලව්ව ශ්‍රී දළදා මාළිගාවට පවරා දීමෙන් පසු, එහි පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික වටිනාකම් සුරක්ෂිත කර ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර තිබේ.  ඇහැලේපොළ වලව්ව අයත් කන්දContinue Reading

රුපියල් කෝට් 5කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (16) රාත්‍රී චෙන්නායි හී සිට පැමිණි 23 හැවිරිදි ඩෙන්මාක් ජාතික තරුණියක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. බැංකොක් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ පසුව ඇයContinue Reading

කටාන – දෙමන්හංදිය ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ගිනිඅවි හතරක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුව ගෙන තිබේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 51 සහ 58වන කටියල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. එක් සැකකරුවෙකු සන්තකයේ තිබී විදේශ රටක නිෂ්පාදිතContinue Reading

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් ඇතුළත් නොවන බවට ඇතැම් පිරිස් දේශපාලන අරමුණින් යුතුව සාවද්‍ය ප්‍රකාශ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ පළාත් හා කලාප නිලධාරීන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් විෂයමාලාවෙන් ඉවත්කර නොමැති බවය. 2026 වසරේ සිටContinue Reading

මාතර කොට්ඨාශයේ පොලිස් ස්ථානවලට අනුයුක්තව සේවය කළ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනමට ලක් කර තිබේ. මාතර කොට්ඨාශයේ වැඩ බලන පොලිස් අධිකාරිවරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.  මෙම නිලධාරීන් තිදෙනා මාතර වල්ගම ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක් වෙත ගොස් එහි කළමණාකාරවරිය සමග උණුසුම් වචන හුවමාරුවක් ඇති කරගෙන ඇති අතර පසුව එහි සේවයContinue Reading