හෙද සේවයේ නියුතු ශ්‍රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්, අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිවContinue Reading

හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මත මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනුණි.Continue Reading

ඉකුත් මහමැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර අලුතින් ප්‍රතිඵල නිකුත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කරුණු සලකාබැලීම සඳහා සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළේය.  මෙමContinue Reading

එක හා සමාන ලියාපදිංචි අංක සහිත මෝටර් රථ 02ක් පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ඊයේ (05) වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෝටර් රථයේ ලියාපදිංචි පොත හා වාහන පැවරුම් අයඳුම්පත් සොරා ගෙන ඒ වෙනුවට ව්‍යාජ ලියාපදිංචි පොතක් මාරු කර ඇති බවට වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකටContinue Reading

එක් එක් රටවලට වීසා රහිතව ගමන් කළ හැකි ගමනාන්ත සලකා සැකසූ “ද හෙන්ලි” ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ 91 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ. එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණ ලොව ප්‍රබලතම ගුවන්ගමන් බලපත්‍රය ඇති රට බවට පත්ව ඇත්තේ, රටවල් 193කට වීසා රහිතව ගමන්කිරීමේ අවස්ථාව හිමි අග්නිදිග ආසියානු කලාපීය රටක් වන සිංගප්පූරුවයි. Continue Reading

සූරියවැව රන්දියගම ප්‍රදේශයේ දී කාන්තාවක් සහ ඇයගේ කුඩා පුතු විදුලි සැර වැදි මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ 38 හැවිරිදි සිව්දරු මවක් වන එනෝෂා හර්ෂණී සහ අවුරුදු 5ක් වයසැති ගඟන ඉඳුවර නැමැති ඇයගේ පුංචි පුතුයි. ඊයේ (05) සවස මෙම පුංචි පුතු පෙර පාසල් ගොස් පැමිණ නිවස පිටුපස ප්‍රදේශයේ සිය කුඩා පාපැදියContinue Reading

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුව ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඊයේ (05) රාත්‍රී පැලවත්ත, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළේය. කැලණිය ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර මුදල් වංචා කිරීමේ චෝදනාවකට මර්වින් සිල්වාContinue Reading

බලන්ගොඩ පොලිස් බලප්‍රදේශයට අයත් පහළ මස්සැන්න ප්‍රදේශයේ දී පියෙකු පුත්‍රයාගේ හිසට පොල්ලකින් පහරදී ඔහු ද වස පානය කර තිබේ. පසුගිය මාර්තු 4 වන දින රාත්‍රියේ පොල්ලකින් පුත්‍රයාට පහරදී ඇති අතර, පසුව පියා ද වස පානය කිරීමෙන් බරපතළ තත්ත්වයෙන් සිටි දෙදෙනාම බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇත. පුත්‍රයාගේ තත්ත්වය බරපතළ වන බැවින් ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලටContinue Reading

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි ජීවන රටාවක් නොමැති වීම මීට ප්‍රධාන හේතු වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ශ්‍රීනිContinue Reading

මාන්කුලම, කට්කුවාරි ප්‍රදේශයේ දී කුඩා පිරිමි දරුවෙකු ඖෂධයක් විෂ වී මිය ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 01 ½ ක් වූ කට්කුවාරි, මාන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙකි.  මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ මෙම කුඩා දරුවා ඔහුගේ මිත්තණිය අසනීප තත්ත්වයක් සඳහා ගනු ලබන ඖෂධ පෙති ගිල දමා ඇති බවය.Continue Reading