දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් මේ දිනවල වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි. දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතීනම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් ක‍ළේය. “පසුගිය දවස්වල නිරීක්ෂණය කරද්දි දුටු දෙයක් තමයිContinue Reading

2024 මහ මැතිවරණයට අදාළව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලීසිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේ, එළැඹෙන නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මාතර රාහුල විද්‍යාලයේ දී ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත බවයි. එබැවින් මැතිවරණය වෙනුවෙන් වන ආරක්ෂක හාContinue Reading

කිඹුලාපිටිය – ගුවන්තොටුපොළ මාර්ගයේ පිහිටි නිවසක තිබී අනන්‍යතාව තහවුරු කර නොගත් සුඛෝපභෝගී රථයක් සොයාගෙන තිබේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත එම රථය එම නිවසෙහි කඩ කාමරයක ගාල් කර තිබියදී සොයාගෙන ඇත. අනතුරුව එම රථය කටාන පොලිස් ස්ථානය වෙත ගෙනැවිත් තිබේ. එම සුඛෝපභෝගී රථය එකලස් කරන ලද වාහනයක්Continue Reading

ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරතව තිබේ. එහි පවතින ආරක්ෂක තත්ත්වය සොයා බැලීම සඳහා ඔහු එම ප්‍රදේශයේ මේ දිනවල සංචාරයක නිරත වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.Continue Reading

පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබේ. ඊයේ (09) සවස් කාලයේදී එම සිදුවීම වාර්තා වී තිබුණේ ඊච්චන්කුලම්, අම්මිචෛත්‍යාන් ප්‍රදේශයේදීය. එලෙස මියගොස් ඇත්තේ, අම්මිචෛත්‍යාන්, ඊච්චන්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකි. මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසයි.  සැකකරුContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ලබන සතියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ වන තෙවන සමාලෝචනය සිදුකිරීම සදහා මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් මහතාගේ ප්‍රධානත්වයෙන්Continue Reading

හැව්ලොක් පාරේ සුපිරි නිවාස සංකීර්ණයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබේ. සැකකරුවන් අද (09) කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. හැව්ලොක් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක රැඳී සිටිමින් නීති විරෝධී අයුරුන් අන්තර්ජාලය හරහා මුදල් වංචා කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේContinue Reading

පිරමීඩ ජාවාරමෙන් රුපියල් මිලියන 1800කට අධික මුදලක් වංචා කර වසර ගණනාවක් විදේශගතවී සැඟව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහු නිවසට කැඳවාගෙන යෑම සඳහා ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් ඔහුගේ බිරිඳ යැයි කියන කාන්තාව ලබන 22වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණContinue Reading

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවයි. නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක රැදීසිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවContinue Reading

2024 ඔක්තෝබර් මාසය තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 587.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 5,431.54කි. එය පසුගිය 2023 වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10ක කාලයට සාපේක්ෂව 11.7%ක වැඩි වීමක්Continue Reading