කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත් සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බවය. එමෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්Continue Reading

කළුතර දකුණ පොලිස් වසමේ කුරුනෛයිදාගොඩ වත්ත අධිවේගී පාලම අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මරණකරු අවුරුදු 65ක් වූ බොලොස්ගම, කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (02) රාත්‍රියේදි මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසීය. එහිදී සිද්ධිය වූ ස්ථානයේ මරණකරු රැඳි සිටියදී ඒ අසල පිහිටි කුකුල් මස් අලෙවි සැලකින් පුද්ගලයෙකුContinue Reading

දිවුලපිටිය හපුවලාන විහාරස්ථානයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විහාරස්ථානයේ තිබූ මුදල් සොරකම් කර පළාගොස් තිබේ. පොලීසිය පැවසුවේ අද (02) අලුයම පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති හිමියන් රෙදි පටි උපයෝගී කරගනිමින් ගැට ගසා මෙම මුදල් සොරකම් කර ඇතැයි බවය. සොරකම් කර ඇති මුදල ලක්ෂ පහකට ආසන්න බවද පොලීසියContinue Reading

අසනීප තත්ත්වයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහාතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට තීරණය කර තිබේ. බන්ධානාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක මහතා පවසා සිටියේ, ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර භාර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා බැවින් අධිකරණ නියෝගයන්ට අනුව මෙම විශේෂ ආරක්ෂාවක් ලබාදී ඇති බවයි. නීතිවිරෝධී ලෙස එකලස්Continue Reading

දුන්හිඳ – බදුල්ල මාර්ගයේ ඊයේ (1) උදෑසන සිදු වූ බස් රථ අනතු‍රෙන් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබූවන්ගේ ජීවිත අවදානම්බව පහව යමින් තිබෙන බව එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී පාලිත රාජපක්ෂ මහතා පවසයි. තුවාල ලැබූවන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳ ප්‍රකාශයක් සිදුකරමින් හෙතෙම පවසා සිටියේ, රෝහල්Continue Reading

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ භාණ්ඩාගාරික වෛද්‍ය උභය බණ්ඩාර වලකාගොඩ මහතා පවසා සිටියේ, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් කිහිපදෙනෙකුට තවත් වෛද්‍යවරයෙකු විසින් තර්ජනය කිරීමට විරෝධය දක්වමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බවයි.Continue Reading

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (01) සවස 06.50ට පමණ මෙම අනතුර සිදුව ඇත. වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.Continue Reading

මාතර දක්වා අද (31) ප.ව. 3.40ට පිටත් වූ රුහුණු කුමාරි සීඝ්‍රගාමි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැන තිබේ. එම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියලුම දුම්රිය ප්‍රමාද වී ධාවනය වීමට ඉඩ ඇති බව වාර්තා වේ.Continue Reading

අද (31) මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මේ වනවිට මිරිහාන පොලීසිය වෙත රැගෙනවිත් තිබේ. නුගේගොඩ මිරිහානේ සිය බිරිඳගේ නිවසේ තිබියදී අංක තහඩු නොමැති මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගැනුණි. ලියාපදිංචි අංක තහඩු නොමැති අදාළ මෝටර් රථය සොයාගෙන තිබුණේContinue Reading

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව, කල්පිටිය වන්නිමුන්දලම ඊයේ( 30)  වන දින සිදුකල සෝදිසි මෙහෙයුමකදී, බලපත්‍ර රහිතව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සූදානම් කර සඟවා තිබූ හක් බෙල්ලන් එක්දහස් එකසිය අසූවක (1180) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු  නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කර ඇත. වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජයContinue Reading