කලින් සරම්ප එන්නත ලබා නොගත් හා එක් මාත්‍රාවක් පමණක් ලබාගත් පිරිස් වෙනුවෙන් නොවැම්බර් මස 4 වනදා සිට 9 වනදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පෙන්වා දෙන්නේ, දිවයින පුරා තෝරාගත්Continue Reading

පවතින ක්‍රමය වෙනස් කිරීම සඳහා එඩිතර විපක්ෂයක් නිර්මාණය කිරීමට සර්වජන බලයට ඡන්දය ලබාදෙන ලෙස එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. රද්දොළුගම පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සර්වජන බලය පවත්වන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් ඊයේ පස්වරුවේ රද්දොළුගම ප්‍රදේශයේදී මෙලෙස පැවැත්වුණි.Continue Reading

හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සෙවනගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40ක් සොයාගෙන ඇති බව වාර්තා වෙයි. විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය සොයාගෙන තිබුණි. එහි වටිනාකම රුපියල් බිලියනයක් බව සඳහන් ය. ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙයි.Continue Reading

මීගොඩ බටවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (31) අලුයම නාඳුනන පුද්ගලයෙකු වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් තිබේ. වෙඩි වැදීමෙන් කිසිවෙකුට හානි සිදුවී නොමැති අතර ව්‍යාපාරිකයා බිය වැද්දීමට මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.Continue Reading

දීපාවලි වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් දෙමළ ජනතාවට වාර්ෂිකව ලබාදෙනු ලබන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ. මීට පෙර වර්ෂවල එම මුදල රුපියල් දස දහසක්ව පැවති අතර මේ අනුව එය රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇත.Continue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග එක්ව පිළියන්දල ප්‍රදේශයේදී අද (30) සිදු කරන ලද වැටලීමකදී මෙරට මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන හරක් කටා සහ ඔහු සමග සමීප සම්බන්ධනා පවත්වන ලබන ආමි චූටි නමැති පුද්ගලයාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගොලයන් දෙදනෛකු වනContinue Reading

ශ්‍රී ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ තල්ලෙන් ලබා ගන්නා අම්බර් තොගයක් රුපියල් මිලියන 50ක මුදලකට විකිණීමට උත්සාහ කළ සැකකරුවන් පිරිසක් ඇල්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ. වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ජාවාරම මෙහෙය වූContinue Reading

2024 සැප්තැම්බර් මාසයේ  -0.5%ක් ලෙස වාර්තා වූ කොළඹ උද්ධමනය 2024 ඔක්තෝබර් මාසයේදී -0.8% ක් දක්වා අඩු වී ඇත. 2024 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය  1.0% දක්වා වැඩි වී ඇති අතර 2024 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වුයේ -0.3%ක්  ලෙසය. එමෙන්ම,  2024 ඔක්තෝබර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂිකContinue Reading

සිය පෙම්වතා විසින් පෙම්වතියගේ  හිසට කළු ගලකින් පහරදී ඝාතනය කළ සැකකාර පෙම්වතා අද (30) අත්අඩංගුවට ගත්බව පයාගල පොලීසිය පවසයි. පහරදීමෙන් මියගොස් ඇත්තේ පයාගල, පහළගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියකි. එම යුවළ ඊයේ (29) රාත්‍රියේ පයාගල දියළගොඩ ප්‍රදේශයේ මුහුදු වෙරළේ කතාබස් කරමින් සිට දෙදෙනා අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පසුContinue Reading

2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි.  මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතුContinue Reading