ලෝකයේ විශාලතම සහල් අපනයනකරු වන ඉන්දියාව දේශීය වෙළෙඳපොළේ සහල් මිල ගණන් පහත හෙලීමේ අරමුණින් සහල් අපනයනය අත්හිටවීමට පියවර ගනු ලැබීය. එහෙත් ඔවුන් වඩා උසස් ගණයේ සහල් වර්ගයක් ලෙස සැලකෙන බාස්මතී සහ අපනයනයට එම තහනම ක්‍රියාත්මක කළේ නැත. කෙසේ නමුත් බාස්මතී මෙට්‍රික් ටොන් එකක් සඳහා ඩොලර් 950ක අවම අපනයනය මිල සීමාවක්Continue Reading

බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හෝටල් සහ බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ , මේ වන විට බිත්තරයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වීම හේතුවෙනි. මේ වන විට වෙළෙඳපොළෙහි බිත්තරයක් රුපියල් 28ත් 32ත් අතර මිලකට අළෙවි වේ. එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අළෙවි කරන මිල පැහැදිළිවContinue Reading

අකුරැස්ස ප්‍රදේශයේ සිදුවු අනතුරකින් අඹුසැමි යුවළක් මියගොස් තිබේ. යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. අනතුරෙන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි යතුරුපැදිකරු සහ ඔහුගේ 32 හැවිරිදි බිරිඳයි.  අනතුර සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අකුරැස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.Continue Reading

රජයේ වාහන අවභාවිතය පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දී තිබේ.  මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන රැසක් මේ වනවිට ගාලු මුවදොර අසල ගාල්කර ඇති අයුරු දැකගත හැකිය.Continue Reading

යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කේරල ගංජා කිලෝ 3 ග්‍රෑම් 530 ක් සමඟ වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු මූන්දම්පිඩ්ඩි, මන්නාරම ප්‍රදේශයේදී ඊයේ (24) දින මන්නාරම විශේෂ කාර්ය බලකා නිළධාරීන් හා එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ. සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා ඉලුප්පුකඩවායිContinue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ නව පාර්ලිමේන්තුට අදාල මහ මැතිවරණය නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වේ.ඊට අදාල නාමයෝජනා භාර ගැනීම ඔක්තෝබර් මස 04 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වැනිදා දහවල් 12 දක්වා කාලය තුළ සිදු කරනු ලබයි.නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වීමට නියමිතය.Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කේ. ආනන්ද විජයපාල මහතා පත්කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.Continue Reading

නව අගමැතිනිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනි ආචාර්ය හරිනි අමරසූරිය අද (23දා) දිවුරුම් දීමට නියමිතය. එමෙන්ම සිව් දෙනකුගෙන් යුත් ඇමැති මණ්ඩලයක් ද දිවුරුම් දීමට නියමිතය. මේ අතර පාර්ලිමේන්තුව අද දිනයේදී විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය නොවැම්බර් මස අගදි පැවැත්වීමට නියමිතය.Continue Reading

මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී තිබේ. ඒ අනුව ඔහු හෙට (23)  උදෑසන වැඩ භාරගැනීමට නියමිතය. අනුර කුමාර දිසානායක 1968 නොවැම්බර් මස 24 වනදා උපත ලබන්නේ, මාතලේ දේවහූව ග්‍රාමයේදීය.  ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. දිසානායක පවුලේ දෙවැනියා වූ අනුර මූලික අධ්‍යාපනයContinue Reading

ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.ඉතා චාම් ලෙස මෙම දිවුරුම් දීමේ උත්සවය පවත්වනු ලබන බව ද ඔහු සඳහන් කරයි.ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුContinue Reading