හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා මහනුවර ප්‍රදේශයේදී ප්‍රකාශයක් සිදුකර තිබිණි. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදෙනුContinue Reading

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම  සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂාContinue Reading

නවීන වෛද්‍ය සේවාවන්ට ගැළපෙන පරිදි නව තාක්ෂණය සමඟ අනුගත වෙමින් මෙරට සෞඛ්‍ය සේවාව තුළ සිදුකළ යුතු පරිවර්තනයන් පිළිබඳ පුළුල් සංවාදයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. යටත් විජිත යුගයේ සිට ගොඩනගාගත් නිදහස් වෛද්‍ය ක්‍රමයක් ශ්‍රී ලංකාව සතු බවත් එය ලෝකයම පිළිගෙන ඇති බවත් පවසන ජනාධිපතිවරයා එමContinue Reading

වැල්ලවත්ත ප්‍රදේශයේ නිමි ඇඳුම් අලෙවිසැලක අද පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ රථ 6ක් මේ වනවිට එම සථානයට යොමුකර ඇත.Continue Reading

යතුරුපැදි සොරකම් කර කොටස් කර විකිණීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි අංක තහඩු 116ක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හංදිය සහ හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29ත් 44ත් හැවිරිදි වියේContinue Reading

පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල හෙට (25) දිනයේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය. රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන්Continue Reading

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් කෙන්යාවේ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය  ක්ෂේත්‍රයේ වෘත්තිකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඊට සමගාමීව නයිරෝබි අගනුවර පැවැති විරෝධතාවක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එරට වෛද්‍යවරු දින කිහිපයක සිට වැඩ වර්ජනයේ නිරතව සිටිති. සිය වැටුප් ඉහළ දමන ලෙස සහ යහපත් සේවා පසුබිමක් සකසා දෙන වෛද්‍යවරුන් රජයෙන් ඉල්ලයි. විරෝධතාවContinue Reading

ආර්ථිකමය වශයෙන් රට අවදානම් තත්ත්වයෙන් තවමත් මිදී නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.  අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (23) අනුරාධපුරයේදී මාධ්‍ය අමතමිනි. “රටේ ආර්ථිකය තමයි ඊළඟ මැතිවරණය තුළ ප්‍රධානතම කාරණය විය යුත්තේ සහ ආර්ථිකය හැසිරවීමට හැකියාව තියෙන පුද්ගලයා, දර්ශනයක් තියෙන පුද්ගලයා කියන කාරණය තමයි ප්‍රධාන වියContinue Reading

කොළඹ නගරයේ අවදානම් ඉදිකිරීම් 150 පමණ මේ වනවිට හඳුනාගෙන ඇති බව කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පවසයි. ඇය සඳහන් කළේ මේ පිළිබඳ ලේඛනගත කර ඒවා ඉවත් කරන ලෙස අදාළ හිමිකරුවන්ව දැනුවත් කර ඇති බවය.Continue Reading

රුසියාවේ මොස්කව් නගරයේ නාට්‍ය ශාලාවක සිදුකළ ත්‍රස්ත ප්‍රහාරයකින් ආසන්න වශයෙන් පුද්ගලයින් 40ක් පමණ මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම නාට්‍ය ශාලාවේ නර්තන තරගාවලියක් පැවැත්වෙමින් තිබූ බව සඳහන්ය. කැලෑ සටන් ඇඳුම් ඇඳගත් සන්නද්ධ පුද්ගලයින් තිදෙනෙකු වෙඩි තබමින් එම ශාලාවට ඇතුළ්වන අයුරු දැක්වෙන වීඩියෝ  මේ වනවිටContinue Reading