ප්‍රවීණ ගීත පද රචකයෙකු වන ආනන්ද පද්මසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයනවිට ඔහු 63 හැවිරිදි වියේ පසුවිය. අද (14) අලුයම ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇත. රන්ජන් රාමනායක මහතා ගයන අතිශය ජනප්‍රිය ගීතයක් වන රන් සමනල ජෝඩුව වාගේ, ජිප්සීස් කණ්ඩායම ගායනා කළ ඔබ ඉන්නේ කොහෙද කියා, මේරියන්ස්Continue Reading

මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් විසින් එම කාන්තාව පැහැරගෙන යමින් සිටියදී බද්දේගම පොලීසිය විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත. අදාළ කාන්තාව අද (14) උදෑසන දික්වැල්ල ප්‍රදේශයේ ඇඟලුම් කම්හලකට සේවයට යමින් සිටියදී පැහැරගෙන ඇති බව පොලීසිය පවසයි. සැකකරුවන් විසින් පැහැරගත් කාන්තාව මෝටර්Continue Reading

ඉන්ධන කෝටාව අත්හිටුවා ප්‍රමාණවත් තරම් ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිරෝද රථ රියදුරන් සංවිධාන කළ විරෝධතාවයක් බොරැල්ලේදී අද (14) පැවැත්විණි. විරෝධතාවයට එක්වූ පිරිස බොරැල්ල කැම්බල් පිටිය අසල සිට බොරැල්ල මංසන්ධිය දක්වාත් එතැන් සිට යළි කැම්බල් පිටිය දක්වාත් පා ගමනින් ගොස් එහිදී උද්ඝෝෂණයක ද නිරත වූහ. ‘ඉන්ධන කෝටාව වහා නවතනු’, ‘රෝද තුනේContinue Reading

අමෙරිකාවේ පොලී අනුපාතය නැවතත් ලබන සතියේ ඉහළ දැමේ යයි බලාපොරොත්තුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් තිබේ. ඉල්ලුම වැඩිවීමත් සමගම පසුගිය අගෝස්තු මාසයේ බොර තෙල් මිල යම් තරමකින් වැඩිවිය. අද (14) බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.79ක් දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 87.02ක්Continue Reading

යාපනය ප්‍රදේශයේ තහනම් සංවිධාන සාමාජිකයන්ට කුලීපදනම මත යකඩ කඩු ⁣බෙදාහරින පුද්ගලයෙක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. විශේෂ කාර්ය බළකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමක දී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. වඩුක්කෝට්ටේ පොලිස් වසමේ මුරුකන් කෝවිලඩි, තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය යන ලිපිනයේ දී අදාළ වැටලීම සිදුකරContinue Reading

කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී මෙවර හොඳම නළුවාට හිමි සම්මානයෙන් සමව පිදුම් ලැබීමට සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර යන රංගන ශිල්පීන් දෙපළ සමත්විය.  ඒ, ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිත ද්විත්වයට පණ දෙමින් දැක්වූ රංගන දක්ෂතාවයෙනි.  එම සම්මාන ලබාගනු ලැබුවේ චිත්‍රපටයේ නිෂ්පාදක අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසිනි. සම්මාන උළෙලේ 18Continue Reading

ජාතික ජලසම්පත් හා ජලාපවාහන මණ්ඩලයේ   සහකාර සාමාන්‍යාධිකාරි (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතාගේ නිල රථයෙන් සහ පොලිස් ප්‍රධානියකුගේ මෝටර් රථයෙන් කිසියම් සංවිධානාත්මක පිරිසක් ඊ ෙය් (12)  රාත්‍රී ඒවායේ   බට කපා  ඉන්ධන සොරකම් කිරීමේ සිද්ධින් දෙකක්  සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත. මෙම සොරකම් සිදුවී ඇත්තේ එම  මෝටර් රථ දෙහිවල  අත්තිඩිය ප්‍රදේශයේ සිය නිවෙස්වලContinue Reading

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි. කළුතර දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් දුම්රිය ප්‍රමාදය  සිදුවන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. ඒ අනුව කළුතර  සිට කොළඹ කොටුව දක්වා වන මාර්ගයේ සියලු දුම්රිය ධාවනය ප්‍රමාද වී තිබේ. කාර්යාල දුම්රිය කිහිපයක් ප්‍රමාද වනContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීමෙන් පසු විදේශිකයින් රුපියල් සුරැකුම්පත්වල ආයෝජනය කිරීම පසුගිය සතිය තුළ ඉහළ ගොස් තිබේ. මහ බැංකු දත්තවලට අනුව පසුගිය 07 වන දිනෙන් අවසන් වූ සතිය තුළ රුපියල් මිලියන 930ක් වටිනා සුරැකුම්පත්වල විදේශකයින් ආයෝජනය කර ඇති බව වාර්තා වේ. එය පෙර සතියට සාපේක්ෂවContinue Reading

තීරුබදු රහිතව මෙරටට රැගෙන ආ රත්‍රං සහ විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකාරිය ඊයේ (13) ඉන්දියාවේ සිට මෙරටට පැමිණ ඇති බව පොලීසිය පවසයි. අදාළ සැකකාරිය ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඇය සතුව තිබී රත්‍රං ග්‍රෑම් 116 මිලිග්‍රෑම් 600ක් සහ විදේශීය දුම්වැටි පැකට් 94ක් පොලිස් භාරයටContinue Reading