දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ ද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබුණි.  අධිබලැති විදුලි රැහැනක් කැඩීයාම හේතුවෙන් කටුපොත, නාරම්මල, සියඹලාගස්කොටුව, ගිරිඋල්ල, අලව්ව, පොල්ගහවෙල යන ප්‍රදේශවල මෙලෙස විදුලි විසන්ධි වීම් සිදුව ඇති බව වාර්තා වේ.  තාක්ෂණික කණ්ඩායම් ඊයේ රාත්‍රියේම අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබුණු අතර, අද අලුයම විදුලි සැපයුම යථා තත්ත්වයටContinue Reading

‍2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු තවත් 15%කින් ඉහළ නැංවීමට ‘නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්) සමාගම’ මහජන උපගෝගිතා කොමිසමෙන් ( PUCSL) ඉල්ලීමක් කර ඇත. අප්‍රේල් – ජුනි (දෙවන කාර්තුව) කාලසීමාවට අදාළව ක්‍රියාත්මක කරන ලද 10%ක ගාස්තු වැඩිවීමට අමතරව මෙම වැඩිකිරීමට ඉල්ලා තිබේ.Continue Reading

අමෙරිකානු – ඉරාන සටන්විරාමය නිවේදනය කිරීමෙන් අනතුරුව හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල හමුදාවට සහ එම භූමියට එල්ල කරන ප්‍රහාර නවත්වා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසු, අද (08) උදෑසන සිට හිස්බුල්ලා සංවිධානය මෙලෙස ප්‍රහාර නතර කර තිබේ. හිස්බුල්ලා සංවිධානයContinue Reading

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අත්‍යවශ්‍ය සේවාලාභීන් සඳහා පමණක් අද (08) සිට එක්දින සේවය යටතේ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ආරම්භ කර තිබේ. එම දෙපාර්තමේන්තුවේ වැඩබලන කොමසාරිස් ජනරාල් එම්.එස්.පී. සූරියප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මෙම සේවාව ප්‍රධාන කාර්යාලය හා පළාත් කාර්යාලවල ක්‍රියාත්මක වන බවය. එමෙන්ම, දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියContinue Reading

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවා තිබේ. ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රු 551 සිට රු 590 දක්වා ද , ලංකා සූපර් ඩීසල් ලීටරයක් රු 572 සිට රු 600 දක්වා ද, Xtra Green ඩීසල් ලීටරයක් රු 588ක සිට රු 620 දක්වා ද ඉහළ දමා තිබේ.Continue Reading

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහContinue Reading

ලෝක වෙළෙඳපොළ සිදුවූ ගෑස් මිලේ ඉහළ යාම සැලකිල්ලට ගෙන මෙරට ගෑස් මිලද ඉහළ දැමීමට සිදුවූ බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සෞදි ඇරම්කෝ මිල දර්ශකයට අනුව ලෝක වෙළෙඳපොළ තුළ ගෑස් මිල ඉහළ ගිය බවත් ඒ අනුව මෙරට ගෑස් මිලද සංශෝධනය කිරීමට සිදුවූ බවය. කෙසේ නමුත් ගෑස් සැපයුමටContinue Reading

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවනේ ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට සිට අප්‍රේල් මස 20 දක්වා කාලසීමාව තුළ දුම්රිය දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ඒකාබද්ධව මෙම විශේෂ ප්‍රවාහන සැළැස්ම ක්‍රියාත්මක වනු ඇතිContinue Reading

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන අය අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ එම සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවෙන් පිටත සේවකයින් 6 දෙනෙකු බඳවා ගෙන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කරමින් ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් මිලියනContinue Reading

රජයේ ආර්ථික සහන පැකේජය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණ තිබේ. වර්තමාන ලෝක යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට ක්ෂේත්‍ර ගණනාවක් පීඩාවට පත්ව ඇති අතර, රජයක් ලෙස ඒ පිළිබඳ අවධානය යොමු කළ බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. එහිදී ඉන්ධන හා බලශක්තිය පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළContinue Reading