විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ සිය කොමිසමේ තීන්දුව කඩිනමින් ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බවය. අදාළ ඉල්ලීම පිළිබඳවContinue Reading

විෂ දුමක් ආඝ්‍රහණය වීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් පිරිසක් ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ. අද (14) පෙරවරුවේ සේවකයින් කිහිපදෙනෙකු රෝහලේ කසළ බැහැර කිරීමේ කටයුතුවල නිරතව සිටියදී ගෑස් කාන්දුවීමක් සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේය. එහිදී ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් පිරිසිදු කිරීමේ අංශයේ සේවකයින් 10දෙනෙකු ප්‍රතිකාර සඳහාContinue Reading

රුපියල් කෝටි 11 කට අධික රත්රන් තොගයක් සූක්ෂම ලෙස සඟවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කාන්තාවක් අද (14) කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්වුණි. ඉන්දීය බුද්ධි අංශ මගින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත අද අලුයම එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි. ඇය ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි හරහාContinue Reading

විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය දෙසැම්බර් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, එම ප්‍රමාණය 2021 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 46ක ඉහළ යාමක් බවය. 2021 වසරේ දෙසැම්බර් මාසයේ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 325.2ක්Continue Reading

හෙරොයින් තොගයක් සමග කාන්තාවක් මොරටුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මොරටුව කිලෝවියස් මාවත, මොරටුවැල්ල ප්‍රදේශයේ ඊයේ (13) සිදුකළ වැටලීමක දී මෙම කාන්තාව අත්අඩංගුවට ගත් පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20යිContinue Reading

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය චෙන් – ෂු මහතා ඇතුළු ඉහළපෙළේ නියෝජිත පිරිසක් අද (14) උදෑසන මෙරටට පැමිණියේය. දූත පිරිස එළඹෙන 18 වැනිදා දක්වා මෙරට රැඳී සිටින අතර ඔවුන් චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් මුණගැසීමට නියමිතය.Continue Reading

බිත්තර ආනයනය කිරීමේදී සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය අනිවාර්ය වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. රජය විසින් බිත්තර ආනයනය කිරීම සඳහා ගත් තීරණයත් සමග සිදුකළ ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ඉදිරිපත් වු ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් සියයට 90 ක්ම ඉන්දීය සැපයුම්කරුවන් වේ. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මියContinue Reading

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල් වෙනුවෙන් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ සහ ස්වයං රැකියා ආධාර ලබාදීමේ වැඩසටහනක් මෙලෙස ආරම්භ කර ඇති බව එම කාර්යංශය සඳහන් කළේය. ජපානය, කොරියාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල හැර වෙනත් රටවල සිටිනContinue Reading

2023 වර්ෂයේ පාසල් නිලඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් සම්පූර්ණ කරමින් රෙදි මීටර් 8,862,990ක ප්‍රමාණයක් චීන රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබේ. මෙරට වැඩබලන චීන තානාපති හු වෙයි (Hu Wei) මහතා විසින් එම රෙදිපිළි තොගය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා වෙත නිල වශයෙන් භාරදීම කොළඹ වරාය පරිශ්‍රයේ දී අද (13) සිදු කෙරුණි.Continue Reading

සියලුම රජයේ රෝහල්වල ඖෂධ හිඟය උග්‍ර ලෙස පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද (13) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් පෙන්වා දුන්නේ පිළිකා ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝහල් තුළ නොමැති බවය. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ සහකාර ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා, “සරල ම ඖෂධ වෙන පැරසිටමෝල්Continue Reading