පළාත් පාලන මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව නියමිත දිනට රජය වෙත ලබා දීමේ හැකියාවක් නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. දැනට ක්‍රියාත්මක වන පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 8911 පළාත් පාලන ඡන්ද බල ප්‍රදේශ 4000ක් දක්වා අඩු කළ යුතු බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමෙන් පසුව මහින්දContinue Reading

නාරාහේන්පිට වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර කළමනාකාරවරයාගේ මරණය මොට ආයුධවලින් පහරදීම නිසා ශරීර අභ්‍යන්තරයේ ඇතිවූ ලේ ගැලීම හේතුවෙන් සිදුවී ඇතැයි මරණ පරීක්ෂණයේදී අනාවරණවී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබුණි. ඒ බව අනාවරණය වී ඇත්තේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයට අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව බවContinue Reading

සමෘද්ධි ප්‍රතිලාභ ගෙවීමේදී විනිවිද බවකින් යුතුව එම ප්‍රතිලාභ ලැබිය යුතු තැනැත්තන් හඳුනාගනිමින් ලේඛනයක් සකස් කිරීම සඳහා දත්ත ලබාගැනීම සමෘද්ධි නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී ඇති බව පසුගියදා (10) පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්Continue Reading

පළාත් පාලන මැතිවරණයේදී ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමට රජය දරණ උත්සහය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි කනස්සල්ල පළ කොට ඇත ජනතාවගේ ඡන්ද බලය ආරක්‍ෂා වන අන්දමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ නීතීයට අනුව තවදුරටත් කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් සහ එහි සාමාජිකයින්ගෙන් ඉල්ලීමක් කරන ශ්‍රී ලංකා නීතීඥ සංගමයContinue Reading

ඉන්දියාවේ කුරුලු උණ රෝගය මේ වන විට පැතිර යමින් තිබෙන බැවින් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට කිසිසේත් අවසර නොදෙන බව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය පවසයි. බිත්තරයක් නිෂ්පාදනය කිරීම සඳහා වර්තමාන පිරිවැය සලකා බැලීමේදී රුපියල් 50 කට වඩා අඩු මිලකට පාරිභෝගිකයන් අතට බිත්තරයක් පත් කළContinue Reading

රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකාරිය හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි. ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520ක් හා හොරයින් මත්ද්‍රව්‍ය ගෑම් 202ක්, විද්‍යුත් තරාදියක්,Continue Reading

ලංකා සතොස මගින් ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි තවත් භාන්ඩ වර්ග 4ක මිල පහළදැමීමට තීරණය කර තිබේ. ඒ අනුව සම්බා රුපියල් 05කින්, සුදු කැකුළු (දේශීය) රුපියල් 16කින් , සුදු නාඩු (දේශීය) රුපියල් 07කින්, පාන් පිටි රුපියල් 05කින් මෙලෙස මිල පහළ දැමීමට තීරණය කර ඇත.  ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 220කට,Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන, හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්, මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයිContinue Reading

කාන්තාවකට අතවර කිරීමේ චෝදනාවට සිරභාරයට ගෙන ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව නැවත විමසීම පෙබරවාරි 23 වැනිදා දක්වා කල්දමා තිබේ. සිඩ්නිහි ඩව්නිං සෙන්ටර් අධිකරණයේදී එම නඩුව අද (12) කැඳවු අවස්ථාවේදී එම තීරණය දැනුම් දුන්නේය. සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළContinue Reading

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් ශ්වසන පද්ධතියට හානි සිදුවිය හැකි බවට වෛද්‍යවරු අනතුරු අඟවති. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ උප සභාපති, විශේෂඥ වෛද්‍ය නන්දන දික්මාදුගොඩ මහතා පවසා සිටියේ, මෙම උණ රෝගී තත්ත්වය විශේෂයෙන් ගර්භණී සහ වයස්ගත පුද්ගලයින් ට මාරාන්තික තත්ත්වයක් වුවත් ඇති කළ හැකිContinue Reading