කැලණිය, පට්ටිවෙල ප්‍රදේශය ඔස්සේ ගමන්ගන්නා රියදුරන්ට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විශේෂ නිවේදනයක් නිතුක් කර තිබේ. එහි දැක්වෙන්නේ පට්ටිවෙල ජල පවිත්‍රාගාරය අසල ඇති පාලම මේ වනවිට වාහන ගමනාගමනයට සුදුසු නැති බවය. එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙයි.Continue Reading

මහියංගනය පොලිස් වසමේ මාපකඩ වැවේ දියනෑමට ගිය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මහියංගනය හා කරවනැල්ල රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ‍දෙදෙනෙකු ඊයේ (14) සවස් කාලයේදී මාපකඩ වැවේ දියනාමින් සිටියදී එම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ, 31 හැවිරිදි වෙලගාන, දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි. මෘතContinue Reading

මෙවර මහ කන්නයේදී වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අද (14) දින නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය මුදල් පිරීනැමීමේ වැඩසටහනකට සහභාගීContinue Reading

පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවත් පිටිගල සහ කිරිඇල්ල ප්‍රදේශවලින් පුද්ගල මරණ 02ක් වාර්තා වෙයි.  පිටිගල පොලිස් වසමේ බංගමුකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී කලුදිය පොකුණ ඇළට වැටී ජීවිතක්ෂයට පත්වී ඇත. පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇළ පිටාරගැළීම නිසා ගමන් කිරීමට ඇති පාලම යටවීම හේතුවෙන් ඔහු මෙලෙස අනතුරටContinue Reading

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විපතට පත් වැඩි පිරිසකට ආහාර බෙදා හැරීමේ වැඩසටහන් සහ ඖෂධ මෙන්ම අතිරේක ආධාර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයෙන් ඉල්ලයි. ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ (IFRC) ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතියෝ මහතා 2022.10.13 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූContinue Reading

වරකාපොළ තුඹලියැද්ද ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක් මතට පස්කන්දක් කඩාවැටී තිබේ. එම නිවස තුළ ඒ අවස්ථාවේදී පුද්ගලයින් සිව් දෙනෙකු සිට ඇති බව පොලීසිය පැවසීය. ඉන් එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර අනෙක් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකය.Continue Reading

ඉන්දියාව සමග එක්වී ත්‍රිකුණාමලය වරාය උපායමාර්ගිය වරායක් ලෙස සංවර්ධනය කළයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. එවැනි තීරණයක් ගත යුත්තේ මැතිවරණ ඉලක්ක කරගෙන නොව, අනාගත පරපුර ඉලක්ක කරගෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.Continue Reading

තිරිඟු පිටිවල තොග මිල අඩුකර තිබේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ඒ බව නිවේදනය කළේය. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක තොග මිල අද (14) සිට රුපියල් 375 සිට රුපියල් 290 දක්වා අඩුකර තිබේ.Continue Reading

අපරාධකරුවන්ට හෝ අපරාධ සැලසුම් කරන පිරිසට කිසිදු අවස්ථාවකදී එම අපරාධවලින් බේරීසිටීමට අවස්ථාවක් නොමැති බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, මාතර අපරාධ කොට්ඨාසය නමින් අද (14)  නව පොලිස් කොට්ඨාසයක් ස්ථාපිත කළ අවස්ථාවේ දීය.  දකුණු පළාතේ මාතර සහ හම්බන්තොට පොලිස්වසම්වලට අදාළව සිදුවන සංවිධානාත්මකContinue Reading

බිලියන ගණණක මුදල් වංචා කර ඇතැයි චෝදනා මත මේ වන විට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලිට එරෙහිව විශේෂඥ වෛද්‍යවරයකුද රහස් පොලිසියට පැමිණිලි කර ඇත. තම පැමිණිල්ල මගින් ඔහු පවසා ඇත්තේ තම මුදල් කෝටි 75ක මුදලක් ඇය විසින් වංචා කර ඇති බවයි. ඔහු තම පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ලිඛිතවContinue Reading