හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බිරිඳ වන අයෝමා රාජපක්ෂ මහත්මියට දුරකථනයෙන් අමතා තර්ජනය කර රුපියල් ලක්ෂ 10ක කප්පම් මුදලක් ඉල්ලූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ කළ පැමිණිල්ලකට අනුවය. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරුContinue Reading

චීනය සමග පවතින මෙරට ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ සාකච්ඡා දැනටමත් ආරම්භ වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. StratNews Global  සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා ඇත. එහිදී වැඩිදුරටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු ඉහළ තලයකට ගෙනඒම නුදුරේදීම සිදුවනු ඇති බවය. එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර්Continue Reading

බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දීය රුපියල් 50,000ක බැඳුම්කරයක් මත දිල්ලි පටියාලා හවුස් අධිකරණයේදී අතුරු ඇප නියම කර තිබේ. ඉන්දීය රුපියල් බිලියන 02 ක මුදල් සම්බන්ධ නඩුවකට අදාළව විත්තිකාරියක් ලෙස ඇය අධිකරණයේ පෙනී සිට ඇත්තේ මුදල් විශුද්ධිකරණයට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගතව සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රශේඛර් නැමැත්තාට අදාළවයි.  ඉන්දියාවේ නීතියContinue Reading

නිදන්ගත වකුගඩු රෝග පරීක්ෂණ සිදුකිරීමේ ජංගම රසායනාගාර සහිත රථ 8 ක් අද (26) සිට මෙහෙයුම් ආරම්භ කර තිබේ. චීනය විසින් පරිත්‍යාග කළ එම ජංගම රථවල වටිනාකම රුපියල් මිලියන 660 ක් පමණ වන බව වාර්තා වේ. ජංගම රසායනාගාර සහිත රථ අනුරාධපුර, පොලොන්නරුව, වවුනියාව, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, මාතලේ සහ බදුල්ල යන දිස්ත්‍රික්කContinue Reading

කොළඹ නගරයේ ස්ථාන කිහිපයක් අධි ආරක්ෂක කලාප වශයෙන් නම්කරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයක් බලරහිත කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ. සමාජවාදී තරුණ සංගමයේ සංවිධායකවරයෙකු වන මහේෂ් තරංග ඉඳුනිල් එම පෙත්සම ගොනු කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිContinue Reading

රටේ ආර්ථිකයට දායකත්වය දෙන විදෙස් ශ්‍රමිකයින්ගේ අනාගත සුබසිද්ධිය වෙනුවෙන් නව සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් බව කම්කරු හා විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ, විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා “මනුසවි” නමින් සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වා දුන් උත්සවයේදීය.  “සමහරුContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වගඋත්තරකරුවෙකු ලෙස නම් කරන සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම නඩු කටයුතු පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම නියෝගය නිකුත් කර තිබේ. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරුContinue Reading

බාලවයස්කාර සිසුවියක විසින් පාසල් භූමියේදී දුම්වැටියක් පානය කරමින් නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරනය වෙයි. පොලිසිය සඳහන් කරන්නේ මෙම දැරිය කවුදැයි හෙළි කර ගැනීමටත් ඒවා අන්තර්ජාලයට දැමූ ඇය ගැන තොරතුරු හෙළි කර ගැනීමටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. මෙම සිසුවිය දුම්වැටියක් පානය කරමින් ඒ දැල්වීමට යොදාගත් ගිනි පෙට්ටියදContinue Reading

LP ගෑස් දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම මෑතකදී Home Delivery Appහි නව විශේෂාංගයක් හඳුන්වා දෙමින් විදේශගත වූවන්ට තම ආදරණීයයන් වෙනුවෙන් ගෑස් ඇණවුම් කිරීමට සහ එක්සත් ජනපද ඩොලර්වලින් ගෙවීම් කිරීමට ඉඩ සලසයි. මෙය දැනටමත් පවතින ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ පුළුල් සේවා කළඹට නිර්මාණාත්මක එකතු කිරීමක් මෙන්ම ශ්‍රී ලංකාවContinue Reading

තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 මිටියක් අද වන විට රුපියල් 21,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසන්නේ මෙම තත්වය මත රට පුරා බේකරි රැසක් වැසී ගොස් ඇති බවයි. කෙසේ වෙතත් වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේContinue Reading