පියා විසින් භාවිත කරන බදින තුවක්කුවකින් වෙඩි තබාගෙන 22 හැවිරිදි තරුණයකු සියදිවි නසාගත් පුවතක් පිටබැද්දර කොහිලහේනදෙනිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.සිද්ධියෙන් කම්පාවට පත් තරුණයාගේ පියාද ගෙල වැලලාගෙන දිවි නසා ගැනීමට තැත් කර ඇති අතර ඔහු මේ වනවිට රෝහල්ගතකර තිබෙනවා.පිය පුතු දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් මෙය සිදුව ඇති බවContinue Reading

අම්බලන්තොට රජයේ වී පර්යේෂණ ආයතනය මගින් ඒ.ටී. 378 නම් නව සුදු කැකුළු වී ප්‍රබේදයක් ගොවීන්ට හදුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.වසර 13ක පර්යේෂණ කාලයකින් අනතුරුව එය හදුන්වා දුන් බවයි එම පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා හර්ෂණී සිරිවර්ධන සදහන් කළේ.අක්කරයකට වී බුසල් 180ක අස්වැන්නක් ලබා ගත හැකි මෙම නව වී ප්‍රබේදයේ වී බුසලකContinue Reading

මෙට්‍රික් ටොන් 100,000 ක බොරතෙල් තොගයක් රැගත් නෞකාවක්අ ද රාත්‍රියේ කොළඹට පැමිණෙන අතර හෙට එහි සාම්පල ලබා ගැනීමට නියමිත බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.මෙට්‍රික් ටොන් 120,000ක 2 වන බොරතෙල් තොගයක් අගෝස්තු 23 සිට 29 දක්වා පැමිණීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ.මෙම බොරතෙල් නෞකා දෙකම රුසියානු බොරතෙල් වන අතර ඒවායෙහිContinue Reading

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානාවක් ප්‍රදානය කිරීමට කටයුතු කර තිබේ. මෙම සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය ඩෝනියර් 228 වර්ගයට අයත්ය. ගුවන් යානය ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමෙි උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී සඳුදා(15) පෙරවරුවේ පැවැත්වෙයි.Continue Reading

සතියකට පැය විස්සක උපරිමයකට යටත්ව වයස අවුරුදු 16 – 20 අතර තරුණ තරුණියන්ට අර්ධ කාලීන රැකියාවන්හි නිරත වීමට ප්‍රතිපාදන ඇතුළත් වන පරිදි කම්කරු නීති සංශෝධනයට පියවර ගනිමින් සිටින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි. සියලු රැකියාවන්ට එක හා සමානව ගරු කරන ශ්‍රමයේ ගරුත්වය පිළිබඳ හැඟීමක් නිර්මාණය කිරීම, කිසිදු රැකියාවක්Continue Reading

ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමේ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව, පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයාගේ නිර්දේශයට යටත්ව අගෝ. 5 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි අදාළ තහනම ඉවත් කරමින් ආනයන අපනයන පාලක ජනරාල්වරිය විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත. 2015 වසරේදී මුදල් අමාත්‍යංශය ග්ලයිෆොසෙට් ආනයනය කිරීම තහනම් කර තිබිණි.Continue Reading

වේගයෙන් ලොව පුරා පැතිරී යන ‘මංකිපොක්ස්’ වසංගතයට මුහුණදීමට සූදානම් වන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ විසින් රෝගය නිශ්චය කිරීමේ පරීක්ෂණ ආරම්භ කිරීමට සමගාමීව සැකසහිත රෝගීන් හඳුනාගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.  ඔබ ‘මංකිපොක්ස්’ බවට සැක කළහැකි රෝගියෙක් ද? හෝ ‘මංකිපොක්ස්’ රෝගියෙකුගේ ආශ්‍රිතයෙක් ද? යන්න දැනගැනීමට අවශ්‍ය මූලික දැනුම මින් ලැබෙන බවContinue Reading

පාර්ලිමේන්තුවේ  ආරක්ෂාව  වෙනුවෙන් යොදවනු ලැබූ  ඩ්‍රෝන යානය  දියවන්නා ඔයට කඩා වැටීමෙන්  රුපියල් ලක්ෂ පනහකට ආසන්න පාඩුවක් සිදුවී ඇතැයි ගුවන් හමුදා ආරංචි මාර්ග වලින් පැවසේ. එම  යානය පාවිච්චියට ගත නොහැකි අන්දමට විනාශ වී ඇතැයිද ඒ ආරංචිමාර්ග සඳහන් කළේය. මේ ඩ්‍රෝන යානය  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වූවකි.  යානය දියවන්නා ඔයට  හදිසියේමContinue Reading

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් 2022.08.15 වන සඳුදා සිට සතියේ දින 05ම සාමාන්‍ය වේලාවන් තුළදී පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දෙන්නේ පෙරවරු 7.30 සිට දහවල් 1.30 දක්වා පාසල් පැවැත්වෙන බවය. විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන් සඳහා ප්‍රවාහන අපහසුතා පවතින්නේ නම් ඒ සඳහා ප්‍රවාහන වැඩපිළිවෙලක් සකස් කරන ලෙසContinue Reading

බහින්බස්වීමක් දුරදිග යාමෙන් පොල්ලකින් පහර දී පුද්ගලයකු ඝාතනය කළැයි සැකකරුවන් තිදෙනෙක් අනුරාධපුර පරසන්ගස්වැව පොලිසිය මගින් අද අත් අඩංගුවට ගනු ලැබූහ. ඝාතනයට ලක්වූයේ අනුරාධපුර ගම්මිරිගස්වැව අසිරිග්ගම කට්ටුතම්බි සරිබු නැමති 67 හැවිරිදි එක් දරුපියෙකි. ඔහු විශ්‍රාමික සිවිල් ආරක්ෂකයෙකි. පහරදීම නිසා බරපතළ තුවාල ලබා සිටි ඔහු ප්‍රතිකාර සඳහා පරසන්ගස්වැව රෝහලට ඥාතීන් විසින් රැගෙනContinue Reading