විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වරයක් සමඟ සැකකරුවකු මීටියාගොඩ කලුගේ ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව ගිනි අවියක් ඇති බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකායේ රත්ගම කඳවුරේ භට පිරිසක් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවෝ හික්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කිසියම් සංවිධානාත්මක කල්ලි එක සාමාජිකයකු බවටContinue Reading

නාඋල පුබ්බිලිය ග්‍රාම සේවා වසමේ පුද්ගලයන් දෙසීයකට අධික පිරිසක් මේ වන විට හඳුනා නොගත් වකුගඩු රෝගයට ගොදුරු වී තවත් පුද්ගලයන් තිස් දෙනකු පමණ මේ වන විටත් ජීවිතක්ෂයට පත්ව සිටින බව ගම්මු පවසති. කොන්ගහවෙල ගොවිජන සේවා මධ්‍යස්ථානයට අනුයුක්ත කාන්තා ගොවි සංවිධාන නිළධාරින් කියා සිටියේ තම ගම්මානයේ මේ වන විටත් ජනතාව පානීයContinue Reading

2012 අංක 1 දරන එක්සත් ජාතීන්ගේ රෙගුලාසිවල 4(7) රෙගුලාසි යටතේ නම් කරන ලද පුද්ගලයන්ගේ ලැයිස්තුවට සංශෝධනයක් සිදු කළ බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය (BTF), කැනේඩියානු දෙමළ කොංග්‍රසය (CTC), ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය (ATC), දෙමළ ඊළාම් ජනතා සම්මේලනය, දෙමළ තරුණ සංවිධානය සහ ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව 2021Continue Reading

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වීය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. ගිගුරුම්Continue Reading

ගාලු මුවදොර අරගල භූමියෙන් ඉවත්වූ අරගලකරුවන් පිරිසක් අද (13) සිවිල් සංවිධාන හා ඒකාබද්ධවෙමින් නව වැඩපිළිවෙලක් පිළිබඳ සාකච්ඡා කර ඇත. එහිදී ඔවුන් පැවසුවේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා සියලුම ජනතාවගේ සහාය අවශ්‍ය බවය. එහිදි අදහස් දැක්වු අරගල ක්‍රියාකාරී සුසන්ත කොඩිතුවක්කු, මුළු ලංකාවෙම සිවිල් සමාජ එකතු කරපු ශක්තිමත් බලවේගයක් නිර්මාණය කිරීමේContinue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ගේ සුබසිද්ධිය සඳහා ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් යුරෝ ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ. එම මුදලේ මෙරට වටිනාකම රුපියල් මිලියන 36කට අධිකය. එම පරිත්‍යාග මුදල වින්දිත පවුල් අතරේ බෙදාදීම අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද (13) කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී ආරම්භ කෙරුණි. අදාළ පරිත්‍යාගයෙන් රුපියල්Continue Reading

සංවිධානාත්මක ප්‍රබල අපරාධකරුවෙකු සහ මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වූ ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක ඩුබායි ආගමන විගමන නිලධාරීන්ට කොටු වූයේ ඔහු සතුව තිබූ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර ඡායාරූපයේ ඇස්දෙකේ පුංචි වෙනසක් නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. හරක් කටා මෑතකදී සකසන ලද ව්‍යාජ ගමන් බලපත්‍රයක ඡායාරූප සහිත විස්තරContinue Reading

සිය 5 හැවිරිදි දරුවාගේ ගෙළට පිහියක් තබා දෙදෙනා ම දිවි තොර කර ගන්නා බවට බිරිඳට තර්ජනය කරමින් වීඩියෝ පටයක් නිකුත් කළ පියෙකු කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට තෙමසකට පෙර විදෙස්ගත වූ බිරිඳ ගෙන්වා ගැනීමේ අරමුණින් ඔහු මෙම ක්‍රියාව සිදු කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. සැකකරුContinue Reading

රට ගොඩනගන සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට සාධනීය දායකත්වය ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.රාජගිරිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සිය අදහස් ඉදිරිපත් කර ඇති බවයි.Continue Reading

යුවාන් වැන්ග් 5 චීන පර්යේෂණ නෞකාව අගෝස්තු 16-22 දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලෑමට අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. යුවාන් වැන්ග් 5 නෞකාව අගෝස්තු 16 වෙනි දින හම්බන්තොට වරායට ළඟා විය හැකි බව චීන රජය විදේශ කටයුතු අමාත්‍යංශයට දැන්වූ බවත් ඉන්ධන සහContinue Reading