පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ ගැන අනතුරු අඟවමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රියවීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා වැඩි විය හැකි බව අදාළ නිවේදනයේ දැක්වේ.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වාවූ ස්වභාවයක් ගන්නා බවද සදහන් කෙරේ.
ඉහතින් දක්වා ඇති ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ක් හෝ 3.5ක් පමණ ඉහළයෑමේ හැකියාවක් පවතින බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.