පාකිස්තානයට එරෙහි පුහුණු තරගයේදී සධීරගෙන් ලකුණු 91ක්

සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම අතර කෝල්ට්ස් පිටියේ පැවැත්වෙන තුන්දින පුහුණු තරගයේ දෙවැනි දිනය වූ ඊයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිල කඩුලු 5ක් දැවී ලකුණු 278ක් ලබා සිටියේය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම ලකුණු 91ක් ලබා ගත් අතර, නුවනිඳු ප්‍රනාන්දු රැස් කළ ලකුණු සංඛ්‍යාව 78කි. පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන පිල ලකුණු 323ක් රැස් කළේය.

අද තරගයේ දෙවැනි දිනයයි.

Leave a Reply

Your email address will not be published.