අයි.එම්.එෆ් සහන ලැබෙන්නේ දෙසැම්බරයේ – මහබැංකු අධිපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සී.එන්.එන් රූපවාහිනී සේවාව වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබුණා.
එම සම්මුඛ සාකච්ඡාවේදී සී.එන්.එන් නිවේදිකාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට පෙර සිය නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවේ දී සඳහන් කළ පසුගිය රජය සත්‍ය වසන් කළ බවට වන චෝදනාව සම්බන්ධයෙන්යෙන් මහ බැංකු අධිපතිවරයා ගෙන් විමසා සිටියා.
එහිදී මහ බැංකු අධිපති වරයා කියා සිටියේ දේශපාලන මත දැක්වීම් සම්බන්ධයෙන් පිළිතුරු දීම මහ බැංකු අධිපතිවරයා වශයෙන් සිදු නොකළ යුත්තක් බවයි.
එමෙන්ම පැවති මහබැංකු පරිපාලනය සහ රාජ්‍ය පරිපාලනය ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වෙනස් ක්‍රමවේදයක් භාවිත කළ බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත් තමන් මහ බැංකු අධිපති ධුරය භාරගැනීමෙන් අනතුරුව ක්‍රියාත්මක කරනුයේ වෙනස් ආකාරයක ආර්ථික සහ පරිපාලන ක්‍රියාදාමයක් බවයි.
ඔහු සඳහන් කළේ ඒ අනුව පසුගිය රජය සහ පරිපාලනය විසින් සිදු නොකළ ණය ප්‍රතිව්‍යූහගත කිරීම තමන් විසින් සිදුකිරීම ආරම්භ කර ඇති බවත් මහබැංකු අධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියා.
එමෙන්ම තමන් මෙම ධුරය භාරගැනීමෙන් අනතුරුව ඉතා කෙටි කලක් තුළ රජයන් දෙකක් ස්ථාපිත වූ බවත් හෙට දිනයේ දී තවත් නව රජයක් ස්ථාපිත වනු ඇති බවත් සඳහන් කළ මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ මහ බැංකුවේ ක්‍රියාදාමය ආර්ථික විද්‍යාත්මක මූලධර්මයන්ට අනුව අඛණ්ඩව සිදුකරගෙන යනු යන බවයි.
මේ වන විටත් ශ්‍රී ලංකා‍ මහ බැංකුව සතුව ඇති විදෙස් මුදල් සංචිත බොහෝ විට ප්‍රමාණවත් විය හැක්කේ ඉදිරි සති දෙකක හෝ තුනක කාලයකට ඉන්ධන සහ ගෑස් ආනයනය සඳහා පමණක් බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී සඳහන් කළා.
එතෙක් පත්වන රජයේ ප්‍රධාන වගකීම වන්නේ ලබන දෙසැම්බර් මාසය වන තෙක් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා අවශ්‍ය කරන මුදල් සපයා ගැනීම සඳහා කෙටි කාලීන මූල්‍ය උපායමාර්ගික ක්‍රම සම්පාදනය කරගැනීම බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලැබීමට ලබන දෙසැම්බරය තෙක් බලා සිටීමට සිදුවන බවයි.
එමෙන්ම ඉදිරි සති කිහිපය තුලදී මිතුරු රටවල් වන ඉන්දියාව සහ චීනය සමඟ එළඹෙන දුෂ්කරතා සමනය කර ගැනීම සඳහා වන මූල්‍ය ආධාර ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කරන බවත් ඉන්දියාව සහ චීනය එම සහයෝගය ලබාදෙනු ඇති බවටත් මහ බැංකුව අධිපති අධිපතිවරයා විශ්වාසය පළ කළා.
එමෙන්ම මෙහිද දී වැඩිදුරටත් අදහස් දැක් වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන පළමු වටයේ ගිවිසුම් ගතවීම මේ මාසය අවසන් වීමට පෙර සිදු කර ගත හැකි වනු ඇති බවයි.
එමෙන්ම මේ වන විටත් ණය ලබාගෙන ඇති රටවල් සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡා ඉදිරියට ගෙන යාම තම සැලැස්ම බවත්, ඒ සඳහා අවම තරමින් තව මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම තව දුරටත් පොලී අනුපාත ඉහළ දැමීමේ සූදානමක් මේ මොහොතේ මහබැංකු සැලසුම් තුළ නොමැති බවත්, මේ වන විටත් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පොලී අනුපාතයන් ක්‍රියාත්මක වන බවත් මහ බැංකු අධිපතිවරයා පවසා සිටියා.
එමෙන්ම අවසන් වශයෙන් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති සහ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආර්ථිකමය ප්‍රතිසංස්කරණ හරහා යහපත් ප්‍රතිඵල අත්කර ගත හැකි බවට තමන්ට විශ්වාස බවයි.
නමුත් එම ප්‍රතිඵල පවතින තත්වය යටතේ ඉතා කෙටි කලකින් ලබාගත් ගත නොහැකි බවත් ඔහු අවධාරණය කළා.
ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි මාස පහ හය අතර කාලයේදී මේ වන විට පවතින අති දුෂ්කර වාතාවරණයෙන් ගොඩ ඒමට ශ්‍රී ලංකා ආර්ථිකයට හැකි වනු ඇති බවයි.
ඒ සඳහා සහය වීමට මෙරට සමස්ත පුරවැසියන් ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් ඔහු අවධාරණය කරනවා.
මෙම සම්මුඛ සාකච්ඡාව අවසන් කරමින් ඔහු සඳහන් කළේ ඉවසීමෙන් බලා සිටිය හොත් අඳුරු බිංගෙය කෙළවර ආලෝකය දැකිය හැකි වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published.