මිලියන 172කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව (19) දින රාත්‍රී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් කේරළ ගංජා කිලෝ 575යි ග්‍රෑම් 60 ක පමණ තොගයක් රැගත් ඩිංගි යාත්‍රාවක් සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය, කරෛයිනගර් පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදියි මෙම වැටලීම සිදුකර ඇත්තේ.
ඊයේ රාත්‍රීයේ උතුරු නාවික විධානයේ වෙරළබඩ මුර යාත්‍රා පැරණි කසුරිනා වෙරළ තීරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන තිබෙනවා.
එහිදි, සැකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කිරිමේදි පාර්සල් 17 ක් වශයෙන් අසුරන ලද ‍ කේරළ ගංජා කිලෝ 575යි ග්‍රෑම් 600 ක පමණ තොගයක් සමග එම ඩිංගි යාත්‍රාව සහ සැකකරුවන් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගනු ලැබුවා.
මෙම මෙහෙයුමේ දී නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 172 කට අධික බවටයි විශ්වාස කෙරෙන්නේ.
නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 42 ක් සහ 51 ක් වන යාපනය, මාදගල් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.
එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කයිට්ස් පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published.