ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසලට යෑම වළක්වමින් නියෝගයක්

ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ මීටර් 50ක ප්‍රදේශය තුළ කිසිදු පාර්ශ්වයකට ඇතුළු වීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් නියෝගයක් ඊයේ (20) නිකුත් කළේය.

කොටුව පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් මේ නියෝගය නිකුත් කෙරිණි.

අරගලකරුවන් විසින් එම පිළිරුවට අලාභහානි කිරීමට සූදානමක් ඇති බවට පොලිසිය විසින් වාර්තාවක් අධිකරණයට ඉදිරපත් කරමින් මේ ඉල්ලීම කළේය.

Leave a Reply

Your email address will not be published.