ප්‍රතිඵලය කලින්ම දැනගෙන සිටියා

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී ලැබෙන ප්‍රතිඵලය ගැන තමන් පෙර සිටම දැන සිටි බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

නව ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් වීමෙන් අනතුරුව අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

අද පාර්ලිමේන්තුවේ පිළිඹිබු වූයේ ජනතා කැමැත්ත නොවන බවත් ජනතා කැමැත්තේ විකෘත්තියක් පමණක් බවත් හෙතෙම කියා සිටියේය.

මේ ප්‍රතිඵලය හා විපක්ෂයේ ශක්තිමත් වීමක් පෙන්නුම් කරමින් පවතින බව හෙතෙම කීවේය. කෙසේ වෙතත් ජනාධිපති ධුරය හා අගමැති ධුරය අනාගත බල ව්‍යාපෘතියක් නැති පාර්ශ්ව වෙතට දිය යුතු බවට යෝජනා වී තිබුණ බව ඒ මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published.