රනිල් සහ ආණ්ඩුව මාසයක් ඇතුළත ගෙදර යවනවා – අරගලකරුවෝ කියති

මාසයක කාලයක් ඇතුළත නව ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන බව ගාලුමුවදොර අරගලකරුවෝ පවසති.

පාර්ලිමේන්තුවේ නව ජනපතිවරයා තේරීමේ ඡන්දය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔවුහු මේ බව අවධාරණය කර සිටියහ.

නව ජනාධිපතිවරයා පත් වීමෙන් අනතුරුව අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.

ජනතාවගේ අභිලාෂයන් පාවා දිය නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා ඉවත් කිරීමට කැප වූ සාමකාමි අරගලය නව මුහුණුවරකින් තවදුරටත් ක්‍රියාත්මක බව ද ඔවුහු සඳහන් කළහ.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීමට ඡන්දය දුන් 134 දෙනා ගැන ජනතාව බලා ගනු ඇති බව කියා සිටි අරගලකරුවන් පාර්ලිමේන්තුවේදී ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ අරගලය මර්දනය කිරීමට උත්සාහ කරන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published.