ගාලු මුවදොර අරගලය අඛණ්ඩව

ගාලු මුවදොර අරගලය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ගාලු මුවාදොර අරගලකරුවන් පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ 08 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීම සැබෑ ජනමතය ප්‍රකාශ වීමක් නොවන බවයි.
ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ආරම්භ කර ඇති අරගලය අද ක්‍රියාත්මකවන්නේ 103 වැනි දිනටයි.
අද දිනයේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් සිය අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගාලු මුවදොර අරගලකරුවන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.

Leave a Reply

Your email address will not be published.