පුරප්පාඩු වූ අගමැති ධුරය කාට ද ?

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමත් සමග පුරප්පාඩු වී ඇති අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන කරළියේ කථාබහක් මතුව තිබෙනවා.
බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ’මහතාගේ නම් යෝජනා වී ඇති බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා මෙරට 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමත් සමග ඒ මහතා හෙබවූ අග්‍රාමාත්‍ය ධුරය පුරප්පාඩු වී තිබෙනවා.
එම පුරප්පාඩු වූ අග්‍රමාත්‍ය ධුරය සඳහා වැඩි වශයෙන් අවධානය යොමුව ඇත්තේ සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.
ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ ඉදිරියේ දී බිහිවන්නේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් නම් එහි අග්‍රාමාත්‍ය ධුරය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු බවයි.

Leave a Reply

Your email address will not be published.