ඩීසල්-පෙට්‍රල්-භූමිතෙල් හිඟයක් නෑ

ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් හිඟයකින් තොරව බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසයි.

ඉන්ධන බෙදාහැරීම් කඩිනම් කරමින්, පිරවුම්හල්වල තදබදය අවම කිරීමත් ඉන්ධන හිඟයකින් තොරව බෙදාහැරීමටත් තමන් කටයුතු කරමින් සිටින බව ද නිවේදනයක් නිකුත් කරමින් ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කර සිටියි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් ද ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙමින් පවතින බවත් ආනයනික ඉන්ධන තොග ද කොලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්තවල පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

ඉදිරි ඉන්ධන සැපයුම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු මේ වන විටත් සිදුකෙරෙමින් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව සතුව ඉන්ධන තොග නොමැති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරයනයට නොරැවටෙන ලෙසත් ඛනිජ තෙල් සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අමතර ඉන්ධන තොගද රට පුරා බෙදාහැරීමට උපදෙස් දී ඇති නිසා දිගු ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පැවසීය.

ඉන්ධන ගොඩබා ගැනීම, බෙදාහැරීමේ පසුබෑම් සහ ඉන්ධනහල්වල ඇණවුම් සඳහා ගෙවිම් ප්‍රමාදවීම් මත මෙසේ ඉන්ධන පෝලිම් ඇති වූ බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published.