පාලින්ද නුවරට සහ බුලත්සිංහලට ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක්

පාලින්ද නුවර සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලෙන් පසුවන ලෙස එම ප්‍රදේශවල මහජනතාවගෙන් සහ අදාළ ප්‍රදේශය හරහා ගමන්කරන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කළුතර, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රිත්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

එසේම බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර 150කට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින පුරා ගංගාවල ජල මට්ටම පහතින්.

Leave a Reply

Your email address will not be published.