ගිය අයව නැවත ගන්නේ නැහැ – සජිත්

සමගි ජන බලවේගය හැරගිය කිසිවෙකු යළි පක්ෂයට එක්කර නොගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පැවති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ආත්මය තුට්ටු දෙකට සිල්ලරයට වෙන්දේසි කරලා. අනිත් පැත්තට පැන්න ගෙම්බෝ ටිකක් කිව්වා නේද? අපි පැති මාරු කරන්නේ රන්ජන් රාමනායක නිදහස් කරන්න කියලා. අනේ ඉතින් නමට නිදහස් වෙලා තියෙනවා. රජන්ජන්ට දේශපාලනය කරන්න බෑ. තමන්ගේ මඩි තද කරගන්නට රන්ජන්වත් වික්කා.”
 
“දැන් කොහොමද අපි ඇමති මණ්ඩලේ හිටියා නම්. වස්ත්‍රයක් ඇදගෙන රන්ජන් ළඟට යන්නේ කොහොමද? සජිත් ප්‍රේමදාස ජනාධිපතිවෙලා හිටියා නම් කිසිම විටක ඒ වගේ බාල වැඩ කරන්නේ නෑ.” 

“එක්කෙනෙක් ඉන්නවා හැම පැත්තෙන්ම පත්වෙන කෙනෙක්. සල්ලි මල්ල පෙන්නපු ගමන් පනිනවා. මම එකක් කියන්න කැමති.. මම එ් පැනපු තකතිරුවෝ ටික කිසිම දවසක සමගි ජන බලවේගයට නම් එකතු කරගන්නේ නෑ.”

Leave a Reply

Your email address will not be published.