කාබනික පොහොර ලෙස වැව් රොන් මඩ දීම තහනම්

කාබනික පොහොර ලෙස වැව්වල පස් හා අපද්‍රව්‍ය ගොවි ජනතාවට සැපයීමට මෙවර මහ කන්නයේ දී කිසිවෙකුට ඉඩ නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2022/23 මහ කන්නයේ දී සියයට 70ක්  රසායනික පොහොරත්, සියයට 30ක් කාබනික පොහොර වී වගාව සඳහා යෙදවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබෙනවා. ඒ යටතේ හොඳම කාබනික පොහොර ගොවීන්ට ලබා දීමට පියවර ගන්නවා. පසුගිය කාලයේ වගේ වැව්වලින් කපා ගත්ත පස් හා අපද්‍රව්‍ය කාබනික පොහොර ලෙස ගොවිජනතාවට අලෙවි කරන්නට මෙම මහ කන්නයේ දී ඉඩ ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සුහුරු කෘෂිකර්මාන්තය උදෙසා ඩිජිටල් මාර්ග සිතියමක් සකස් කිරීම සම්බන්ධව  මෙම සාකච්ඡාව පැවැත්විනි. එම අවස්ථාවට ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා  ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published.