ඩයනාගේ සැමියා අත ෆොන්සේකාට ගෝටාගෙන් පණිවුඩයක්.. මහින්දයි චමලුයි බයෙන් ඉන්නේ කියලා..

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලැබුණු පණිවිඩයක් පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කරුණු හෙළිකර ඇත.

ඔහු පවසන්නේ ජුලි මස නම වෙනිදා අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළ බවයි.

ඊට අදාළ පණිවිඩය තමා වෙත එවා තිබුනේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් පැවසූ ආකාරයෙන් කටයුතු කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදටත් ජනාධිපති ධූරය හොබවන බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සඳහා තමන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ බවද පැවසූ සරත් ෆොන්සේකා ප්‍රකාශ කරයි

Leave a Reply

Your email address will not be published.