තිරිඟු පිටි මිල ගැන අලුත් තීරණයක්

එළඹෙන උත්සව සමය අවසන්වන තෙක් වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 සීමාව තුළ පවත්වාගෙන යාහැකි බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පවසයි.

එම සංගමය බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ, තිරිඟු පිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබාදෙන ලෙසටය.

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහතා පැවසුවේ වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල ඊයේ (28) රුපියල් 250 දක්වා අඩුවී ඇති බවය. 

දෙසැම්බර් 31 වනදා දක්වා විවෘත ගිණුම් ක්‍රමය හරහා තිරිඟු පිටි ආනයනය සඳහා ඊයේ (28) වෙළෙඳ අමාත්‍යාංශයේ අවසර ලබාදීම මෙලෙස තිරිඟු පිටි මිල පහළයාමට හේතුවී තිබේ. 

කෙසේවෙතත් තිරිඟු පිටි මිල අඩු වුවත් තවමත් බෙකරි නිෂ්පාදන මිල පහළ ගොස් නැති බවට ජනතාව චෝදනා කරයි.

Leave a Reply

Your email address will not be published.