ප්‍රසිද්ධ විහාරයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක දේවාලයක කපුවෙකු හෙරොයින් සමඟ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 150ක් තිබී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි.

බොරලැස්ගමුව, වේරහැර, බෝධිරාජපුර වත්ත ප්‍රදේශයේ පොලීසිය සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන යතුරුපැදියකින් ගමන්කරමින් සිටි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර කපුවා අදාළ විහාරස්ථානයේ සේවයේ නිරතව සිටියදී විටින් විට ගොස් මෙලෙස හෙරොයින් රැගෙනවිත් විහාරස්ථානය තුළදී ඒවා භාවිත කර ඇති බවද විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලීසිය වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකාර කපුවා තදින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවය.

සැකකරු හෙට (01) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරලැස්ගමුව පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

Leave a Reply

Your email address will not be published.