රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකුට අලුත් වගකීමක්

වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පත්කර තිබේ.

නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් මෙම පත්කිරීම සිදුකර ඇත.

මේ අතර, වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධුරයේ වැඩ කටයුතු සිදුකිරීම සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published.