නාදුනන මළසිරුරු දෙකක්

නාදුනන මළසිරුරු දෙකක් හමුවී ඇති බව පොලීසිය පවසයි.
 
එක් පිරිමි පුද්ගල මළසිරුරක් කටුගස්තොට රෝහල ඉදිරිපිට මහවැලි ගඟේ තිබීයදී සොයාගෙන ඇත.

අවුරුදු 60ත් 70ත් අතර වයසේ පසුවන පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර මළසිරුර මහනුවර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලීසිය පවසයි.

මේ අතර මීරිගම හොරකැලේ රක්ෂිතයේ තිබී තවත් නාදුනන පිරිමි පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර මියගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published.