සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරීම ප්‍රයෝජනවත් දෙයක් නොවේ යැයි සමගි ජන බලවෙිගයේ පාර්ලිමේන්තු සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සමඟ සාකච්ඡාවෙිදී පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුව පවතින ගැටලුවට  විසඳුමක් ලෙස තමා දකින්නේ නැතැයි ද ෆොන්සේකා මහතා කීය. දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වු බව කී ෆොන්සේකා මහතා ඒContinue Reading

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානය සමග අද (05) පස්වරුවේ ජනාධිපතිContinue Reading

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශය කොවිඩ්  රෝගීන් 24 දෙනෙකුගේ ජෛව පටල සාම්පල ජාන විශ්ලේෂණයට ලක් කිරීමේදී  ඉන් සාම්පල 20 කම තිබී හමුවී ඇත්තේ වේගවත් පැතිරීමක් සහිත ප්‍රබල ඔමික්‍රොන් බී.ඒ 5 කොවිඩ්  අනු ප්‍රභේදය බව එම අංශයේ ප්‍රධානී  මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා Continue Reading

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ පසුගිය (4) දා විත්තිකරුවකු ඉලක්ක කර සිදු කරන ලද වෙඩි ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ දී ගල්කිස්ස අධිකරණ සංකීර්ණ මුර පොලෙහි සේවයේ යොදවා සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා ගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ ගල්කිස්ස පොලිසියට අනුයුක්තව සේවය කළContinue Reading

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිදභාවයෙන් කටයුතු කිරීමට  සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දැන් තිබෙන අභියෝගය   ආර්ථික අරගලය ජය ගැනීම බව කී වික්‍රමසිංහ මහතා අරගල භූමියේ සිටින සියලු තරුණ තරුණියන් එම ආර්ථික අරගලයේ ජයග්‍රහණය සඳහා සෑම අයුරකින්ම දායකකර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.  ගාලු මුවදොරContinue Reading

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ කිව්.ආර්. කේතයට ලියාපදිංචි වී සිටින වාහන හිමියෙකුට සිය කිව්.ආර්. කේතයට පිවිස එහි ඇති ගිණුම අවසන් කිරීමට ඇති ස්ථානයෙන් එය මකාදැමිය හැකි බවත් ඉන් පසුව අවශ්‍ය තොරතුරු නැවත ඇතුලත් කර ලියාපදිංචි වියහැකි බවත් බලශක්තිය අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවසීය. එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ ජාතික ඉන්දන බලපත්‍ර දුරකථන යෙදවුමේContinue Reading

කතරගම ඇසළ උත්සවය සඳහා උතුරු නැගෙනහිර සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ට ආරක්ෂාව හා ජල සම්පාදනය ඇතුළු යටිතල පහසුකම් සැපයීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රුපියල් මිලියන 2.04ක මුදලක් වෙන් කර ඇත. පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන් මුහුණපාන දුෂ්කරතා පිළිබඳව මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඊටContinue Reading

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියට ආහාර නොදෙන බවට මේ දිනවල වන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් එම ගුවන් සේවය පිළිබඳව ජනතාව තුළ අප්‍රසාදයක් ඇති කිරීම සඳහා මෙවැනි ප්‍රචාර සිදුකරන බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම ගුවන් සේවයේ ව්‍යාපාරික පන්තියේ මගීන් වෙනුවෙන් ප්‍රධාන ආහාර වේල හතරක් අතරින්Continue Reading

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි. ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට සහතික වීම නිසා වර්ජනය අතහැර දැමූ බව බස් රථ හිමියන්ගේ සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.Continue Reading

යුරියා පොහොර ආනයනය සඳහා ඩොලර් මිලියන 48 ක මුදලක් රජයට වැය කිරීමට සිදු වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද  අමරවීර මහතා පැවසීය. මැල්සිරිපුර උමංදාව විහාරස්ථානයේ සංචාරයක නිරත වූ අමාත්‍යවරයා සිරි සමන්තභද්‍ර හිමියන්ගේ මෙහෙයවීමෙන් එහි සිදු කර ඇති කෘෂිකාර්මික කටයුතු නිරීක්ෂණය කළේය.  දේශිය ද්‍රව්‍ය යොදාගෙන නව ආහාරපාන සැකසීම, නව කෘෂි තාක්ෂණය හාContinue Reading