කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අද (11) උදෑසන සිදුවූ බස් රථ අනතුරට හේතුව රියදුරුගේ නොසැලකිල්ලද නැතිනම් බස් රථයේ තිබු යම් කාර්මික දෝෂයක්ද යන්න පිළිබඳව සොයාබැලීමට පරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමි ඒ මහතා පැවසුවේ මෙම අනතුර සම්බන්ධ විමර්ශන කොත්මලේ පොලීසියContinue Reading

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ තමන් මෙම පුවත ඇසීමෙන් දැඩි ලෙස කම්පාවට පත් වූ බවත් අනතුරින් තුවාල ලැබූවත් වෙත ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනContinue Reading

ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය. තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්ය. වැලිකඩ පොලීසිය විසින් ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියContinue Reading

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.  මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව රේගු නිලධාරීන් පවසයි. ගුවන් යානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි කොළඹ වැල්ලම්පිටිය , දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25ත්Continue Reading

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් බන්ධනාගාරගත රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව හෙට (12) සහ අනිද්දා (13) දෙදින ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය. එහිදී රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර පාර්සලයක්, රසකැවිලි පාර්සලයක් හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සලයක්Continue Reading

නාගොඩ, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කර තිබේ. ඊයේ (10) දහවල් කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.  එලෙස මියගොස් ඇත්තේ, ගම්මැද්දේගොඩ, නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 83 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙකු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාContinue Reading

ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය අදට (11) යෙදී තිබේ. සෑම වසරකම මැයි දෙවැනි සතියේ ඉරිදා දින මව්වරුන්ගේ දිනය සමරනු ලබන අතර ඇතැම් රටවල් මෙම ඉරිදාව මව්වරුන්ගේ ඉරිදාව ලෙසද හඳුන්වනු ලබයි. උපන් දා සිට මව ජීවිතය කරගත් සමාජයක ඒ සෙනෙහසේ මහිමය තව තවත් සිහි කැඳවා ගැනීමට මෙම දිනය වැදගත් වනු ඇත. මව්වරුන්ගේ දිනයේContinue Reading

නුවරඑළිය – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී ගොස් තිබේ. අනතුරින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 35කට අධික පිරිසක් තුවාල සිදුව ඇතැයිද ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද පොලීසිය පැවසීය. කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස්Continue Reading

ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වන රාජ්‍ය වෙසක් මහෝත්සවය අතිපූජ්‍ය ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (10) නුවරඑළිය ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන විහාරස්ථානයේදී ආරම්භ කෙරිණි. “භජෙථ මිත්තෙ කල්‍යාණෙ භජෙථ පුරිසුත්තමෙ” (කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු) යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවයContinue Reading

කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි ගොඩනැගිලි දෙකක ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ. ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 6ක් පිටත් කර යවා ඇතැයිද සඳහන් වේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇතැයි සැක පළකර ඇත.Continue Reading