යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පදවිය, බෝගහවැව ප්‍රදේශයේදී පෙරේදා (5) රාත්‍රියේ නිවසක සිටි 73 හැවිරිදි කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බව පොලීසිය පවසයි. ඝාතනයට පැමිණි සැකකරුවන් දෙදෙනා පුල්මුඩේ කඳවුරට අනියුක්ත පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකළ විමර්ශනවලදී මෙම කරුණු අනාවරණය වී තිබේ. සැකකරුවන්Continue Reading

දොඩන්ගොඩ, ගැටගහහේන නෑහින්න මාර්ගයේ නෑහින්න ප්‍රදේශයේ ඊයේ (6) රාත්‍රියේ යතුරුපැදියක් ගසක ගැටී සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් ඇති බව දොඩන්ගොඩ පොලීසිය පවසයි. ගැටගහහේන දෙස සිට නෑහින්න දෙසට ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.  අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු හා පසුපැදිකරු නාගොඩ හාContinue Reading

ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දැමීමේ සිද්ධියට අදාළව කරුණු රැසක් පොලීසිය විසින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. තම වයස අවුරුදු 14ක් වූ දියණිය අතුරුදහන්ව ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට මවක් විසින් පැමිණිල්ලක් කරනු ලැබුවේ දෙසැම්බර් මස 5 වනදාය. ඒContinue Reading

සිරියාවේ පාලනයට එරෙහිව සටන් වදින කැරලිකරුවන් විසින් එරට තවත් නගරයක් අල්ලා ගෙන ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. එසේ සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාඩ් ගේ පාලනයෙන් ගිලිහී ඇත්තේ ඩරා නම් නගරයකි. එරට ජනාධිපතිවරයාට එරෙහිව 2011 වසරේදී අරගලය ආරම්භ වූයේ මෙම නගරයේ බව සඳහන් ය.   ඒ අනුව සතියක් තුළදී එරට හමුදාව ටContinue Reading

පාසල් නිල ඇඳුම් ඉදිරියේ දී මසා ලබාදීමට බලාපොරොත්තු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීමේ දී ඇතිවන නාස්තිය මෙමගින් අඩුකර ගතහැකි බව ඔහු පැවසීය. කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.Continue Reading

තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෝටර් රථයක් රේගු ආදායම් අධීක්ෂණ ඒකකය විසින් සිය භාරයට  ගෙන තිබේ. එම ඒකකය පැවසුවේ රුපියල් මිලියන 24ක පමණ වටිනාකමින් යුත් ටොයෝටා ප්‍රියස් වර්ගයේ නවීන මෝටර් රථයක් මෙලෙස ගෙන්වා ඇති බවය. ජපානයේ සිට ගෙන්වන ලද බහාලුමක් තුළ තිබියදි මෙම මෝටර් රථය සොයාගෙනContinue Reading

ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි මහතා පවසයි. අද (01) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වන විට යොදා ඇති බවය.Continue Reading

2011 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී ශ්‍රී ලංකා රජයට අයත් මුදල් එරට බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් මෙරට රජයට රුපියල් බිලියන18කට අධික පාඩුවක් සිදුකළ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අද (06) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබීය. මෙම නඩුවContinue Reading

අධික කුලියක් ගෙවමින් විවිධ ගොඩනැගිලිවල පවත්වාගෙන යන රජයේ ආයතන රජය සතු ගොඩනැගිලි තුළට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවත්වාගෙන යන කාර්යාලයේ මාසික කුලිය ලක්ෂ පනහක් බවද ඔහු ප්‍රකාශ කළේය. මෙයට අමතරව වෙළෙඳ අමාත්‍යාංශයේ මාසිකContinue Reading

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ඉනෝකා රාඡපක්ෂ මහත්මියගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධාන කරනු ලැබු ශිෂ්‍යත්ව ප‍්‍රධානෝත්සවය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාඡපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2024 දෙසැමිබර් මස 05 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදි පැවැත්විනි. ගුවන් හමුදා සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ මෙන්ම ගුවන්Continue Reading