තමා ජනාධිපති වූ පසු විධායක ජනාධිපති ධුරය අනිවාර්යෙන්ම අහෝසි කරන බව සමගි ජන බලවේග ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (18) රුවන්වැල්ලේ පැවති ජනරැලියේදීය.Continue Reading

කල්පිටිය කන්දකුලිය වැල්ල කස කැලය ප්‍රදේශයේදී සිසුවකුට බරපතළ ලිංගික අපයෝජන කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැන්දකුලිය වැල්ල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි දෙදරු මවක බව පොලිසිය පවසයි.Continue Reading

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (18) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.Continue Reading

සමගි ජන සන්ධානයේ ජනාධිපති ධූර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළි මාලාවේ පළමුවැන්න අද පස්වරුවේ ආරම්භ වුණා. ඒ, කුරුණෑගල නගරයේදීයි. එහිදී අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය හිමි කරගන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි.Continue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් අභියාචනාධිකරණ විනිසුරු ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා පත්කර තිබේ. ඒ අනුව ආර්. එම්. සෝභිත රාජකරුණා මහතා අද (16) පෙරවරුවේ වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා වශයෙන් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය. අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ නිශ්ශංක බන්දුල කරුණාරත්නContinue Reading

ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 39 දෙනකු ඉදිරිපත් වුවත් මෙවර ද කාන්තාවන් කිසිවකුත් ඉදිරිපත් නොවීම විශේෂත්වයකි. කාන්තාවක ජනාධිපතිවරණයකට අවසන් වතාවට ඉදිරිපත් ඇත්තේ 1999 වර්ෂයේදීය. ඒ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ජනාධිපතිවරණයකට 2005 න් පසු කිසිදු අපේක්ෂිකාවක ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය 1988 ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ ශ්‍රීමා දිසානායක මහත්මීහුContinue Reading

දිවුලපිටිය – මීගමුව මාර්ගයේ, දුනගහ හන්දිය ප්‍රදේශයේ අද (15) පෙරවරුවේ සිදු වූ රිය අනතුරකින් තිදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ ගොඩිගමුව – දුනගහ මාර්ගයේ දිවුලපිටිය දෙසට ගමන් කිරීම සඳහා අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක රියදුරුට එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයේ පෙරළි ගොස් දිවුලපිටිය දෙස සිට මීගමුව දෙසටContinue Reading

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වැටලීම් දෙකක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150යි මිලිග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන තිබේ. වැටලීමේ දී සැකකරුවන් දෙදනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 720ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.Continue Reading

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පසුගිය වසරේදී අතිකාල හා නිවාඩු දීමනා ගෙවීමට රුපියල් කෝටි 98 කට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. අතිකාල වෙනුවෙන් මෙපමණ විශාල මුදලක් ගෙවා ඇතැයි පැවසෙන්නේ එම වියදම් දැඩි සේ පාලනය කිරීම අත්‍යවශ්‍ය බව දැනුම්දී තිබූ අවස්ථාවකදීය. එම මුදල ඊටContinue Reading

හික්කඩුව නගරයේදී ත්‍රීරෝද රථ රියදුරෙකුට වෙඩිතැබීමට ගත් උත්සායක් ව්‍යර්ථ වී තිබේ. ටී56 ගිනි අවියක් ඇතැතිව යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (14) පස්වරුවේදී මෙම වෙඩිතැබීම සිදු කිරීමට උත්සාහ දරා ඇති නමුත් ගිනිඅවිය ක්‍රියාත්මක වී නොමැති බව අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. ත්‍රීරෝද රථ රියදුරු එම අවස්ථාවේදී දිව ගොස් සැඟව ඇති අතරContinue Reading