එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) පස්වරුවේ සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීය.  ඒ, කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී ය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වෙයි. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා ඇප මුදල් තැන්පත් කරContinue Reading

මාලබේ කහන්තොට පාර ජයන්ති මාවතේ නිවසක් තුළ විෂ වායුවක් ආඝ්‍රාණ වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 65ක සහ 45ක පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා යම්කිසි රසායන ද්‍රව්‍ය කිහිපයක් මිශ්‍ර කිරීමට යාමේදී මෙම විෂ වායුව ආඝ්‍රාණ වී ඇති අතර එහිදී ඇතිවූ හුස්ම ගැනීමේ අපහසුතාවය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත්Continue Reading

එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සහය පළ කිරීමට තීරණය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි  මන්ත්‍රී කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලබන නව සන්ධානයේ මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පත්වනු ඇති බව වාර්තා වෙයි. ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළේ මහලේකම්වරයා ලෙස අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේContinue Reading

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම් දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ. ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට සහාය පළ කරන බව ඔහු පවසා ඇත.Continue Reading

මේ වන විට ක්‍රීඩා ඇමතිකම හිස්.ඒ උනාට රටේ මිනිස්සුන්ගේ හිත් මේ වෙලාවේ තියෙන්නේ ක්‍රීඩාවෙන් පිරිලා.හැබැයි ආණ්ඩුවටවත් විපක්ෂයටවත් මිනිස්සුන්ගේ හිත් පිරිලා තියෙන එක අදාළ නැහැ. ඒ අය ඉන්නෙ තමන්ගේ පැත්ත බලෙන් පුරවා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් එක්ක. ලංකාවේ දේශපාලනය ජනතාවගේ හැඟීම් එක්ක ගමන් කරනවද,එහෙම නැත්නම් තමන්ගේ පක්ෂවල බලය තහවුරු කරගැනීම සඳහාContinue Reading

කුරුණෑගල මහ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු විසින් දියවැඩියා රෝගියෙකුගේ පාදයේ මහපට ඇඟිල්ල කපා දැමීම සඳහා යොදාගත් ගත් කතුරකින් හෙදියකගේ හිසට පහර දීම තුළින් එම විශේෂඥ වෛද්‍යවරයා හෙදියගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. ඒ අනුව අදාළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධියට භාජනය වූ වාරියපොළ ප්‍රදේශයේ පදිංචිContinue Reading

ෆේස්බුක් ආධාර කණ්ඩායම් ලෙස පෙනී සිටිමින් පුද්ගලයින්ගේ පෞද්ගලික දත්ත සොරකම් කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුගල මහතා සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවය. ඊයේ (12) දිනය තුළ පමණක් ඊට අදාළ පැමිණිලිContinue Reading

ඉදිරි ජනාධිපතිවරණයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීම වෙනුවෙන් සමගි ජන සන්ධානයට තවත් දේශපාලන පක්ෂ 20කට ආසන්න ප්‍රමාණයක් අද (13) දිනයේ එක්වීමට නියමිතව තිබේ. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙරට ඉතිහාසයේ වැඩිම පක්ෂවලින් සමන්විත සන්ධානය සමගි ජන සන්ධානය බවය. ඒ අනුවContinue Reading

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන පළපුරුද්ද සහ ජාත්‍යන්තර සම්බන්ධතා සහ වැඩපිළිවෙළක් තිබුණ නිසා මේ රට ගොඩගන්නට පුළුවන් වුණේ යැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක හෝමාගමදී මහතා ඊයේ (12) පැවසීය. හෝමාගම මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩලයේ සාමාජිකයින් මෙවර ජනාධිපති මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහContinue Reading