ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ. කොරියානු එක්සීම් බැංකුවේ නිලධාරීන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) හමුවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළ කර ඇත. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිඳ වැටුණු අවස්ථාවේදී කොරියානු එක්සීම් බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධනContinue Reading

පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ සියලුම දේශපාලන පක්ෂ ඉදිරි මහ මැතිවරණයට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමට එකඟවී තිබේ. අදාළ හිටපු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගවදින සලකුණ සහ සන්ධානය පිළිබඳ අවසන් එකඟතාවකට එළැඹීමට ඊයේ (02) පස්වරුවේ කොළඹ මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයට රැස්වීContinue Reading

බැඳුම්කර වංචාව පිළිබඳ දැනටමත් නීත්‍යානුකූල මට්ටමේ පරීක්ෂණ ආරම්භ කර ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ සම්බන්ධයෙන් දැනුවත් කෙරෙන කැබිනට් මාධ්‍ය හමුවට ඊයේ (01) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එක්වෙමිනි. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා,Continue Reading

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.  ඒ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විරෝධතාවයක නිරතවු මව්පියන් පිරිසක් සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසුව එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.Continue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.  කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, දැනට පවතින අණපනත් අධ්‍යයනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ බවයි. එම කමිටුවේ සාමාජිකයින් වන්නේ,  විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරී කණ්ඩායමක් ඔක්තෝබර් 2 සිට 4 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියානු පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් විසින්ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අනෙකුත් නිලධාරීන් හමුවීContinue Reading

මේ දිනවල අලුයම 5න් පසු නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගා තරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය සඳහන් කරයි. චීනයේ purple mountain observatory සහ NASA හි Asteroid Terrestrial – Impact Last Alert System (ATLAS) විසින්‌ 2023 ජනවාරි 9 වන දින සොයා ගන්නා ලද  C/2023 A3 වල්ගා තරුව මෙලෙස දර්ශනය වේ.Continue Reading

යුධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මන්නාරම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නිලධාරින් විසින් අද (30) මන්නාරම ආලිපලෛ, මනල්කාඩු ප්‍රදේශයේදී සුදුකරන ලැබු මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට බෝට්ටුවක් මගින් ගෙන්වන ලද කේරළ ගංජා කිලෝ 104 ග්‍රෑම් 217 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත. වැඩිදුර පරික්ෂණ පලෛයි පොලිස් විසින් සිදුකරනු ලබයි.Continue Reading

මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ ජීව උණ්ඩ සමග සැකකරුවෙකු වැලිවේරිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ජනිත් මදුසංඛ නොහොත් “පොඩි ලැසීගේ” සහ මීටියාගොඩ දසුන් රාජකරුණා යන අයගේ ඥාතියෙකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා වසර ගණනාවක් විදෙස් රටකContinue Reading

ප්‍රදේශ තුනකදී සිදු වූ යතුරුපැදි අනතුරුවලින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ මෙම මාරක අනතුරු මහදෙණිය, පලාලි සහ ඉබ්බාගමුව යන ප්‍රදේශ වලදී සිදුවූ බවය. ඊයේ (29) පෙරවරුවේ මීගොඩ කොළඹ පාදුක්ක 125 මාර්ගයේ මහදෙණිය ප්‍රදේශයේ දී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් එක්වරම මාර්ගයට ගැනීමේ දී පාදුක්කContinue Reading