දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබේ. ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත. අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.Continue Reading

කොළඹ ප්‍රදේශයෙන් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයේ ගොස් බණ්ඩාරවෙල සංචාරක හෝටල්වලට බෙදාහැරීමේ නිරත සිවිල් ඉංජිනේරුවරයෙකු  කැස්බෑව හෝටලයක් ඉදිරිපිටදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එම සැකකරු සමග මත්ද්‍රව්‍ය  බෙදා හැරීමට යොදාගත් සුඛෝපභෝගී  මෝටර් රථය  අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 6032 ක් ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට සැක කරන රුපියල්Continue Reading

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එහි ජේෂ්ඨ  තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පැවසුවේ  මෙම වෙබ් අඩවිවලින්  මුදල් වංචා කළ සිද්ධීන් තිස්පහක් පමණ වාර්තාවී ඇති බවයි.Continue Reading

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට පස්වසරක් සපිරේ. ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සිහිකිරීම් වැඩසටහන් මාලාව ඊයේ (20) පස්වරුවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති විශේෂ දිව්‍ය පුජා යාගයෙන් ආරම්භ කෙරුණි. ඒ අනුව, කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා යැදුම් පාගමන ඊයේ මධ්‍යම රාත්‍රිය පුරා පැවැත්වුණි. 2019 වසරේ අප්‍රේල් මස 21වනContinue Reading

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත. වෛද්‍යවරුන් බොහෝ පිරිසක් පිටව ගොස් ඇත්තේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව යනාදී රටවලටය. ආර්ථික ගැටලු ඔවුන් මෙසේ විදේශගතවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. මේ ප්‍රශ්නයට රජය කඩිනම් විසඳුමක්Continue Reading

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගය පැවැත්වෙන මෑන්හැටන් අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයෙකු ගිනි තබාගෙන තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ ඔහු දියරයක් ඇඟට ගල්වා ගනිමින් මෙම ගිනිතබා ගැනීම සිදුකරගෙන ඇති බවය. ගිනි තබා ගැනීමට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බව පොලීසිය පවසා ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූරි සභාවට ඉදිරිපත් වන අවස්ථාවේදී මෙම ගිනිContinue Reading

රුපියල් මිලියන 7.5ක පමණ වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට පත්වූ අය අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ද සිටින බවය. එම පිරිස මුල්ලේරියාව ප්‍රදේශයේ දී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත්තේ, ග්‍රෑම් 510ක් වූ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ද සමඟින්ය.Continue Reading

කොළඹ අපරාධ කොට්ඨාසයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800ක් සමග කටාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (19) බ්ලුමැන්ඩල් පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොලිස් කොස්තාපල්වරයා පසුගිය අප්‍රේල් මස 10 වනදා සිට කටාන පොලිස් ස්ථානයේ සිට සීදුව පොලිස් ස්ථානයට වෙත ස්ථාන මාරුවීම්Continue Reading

සංචාරකයින් පැමිණෙන ප්‍රදේශවල විශේෂ වැටලීම් සිදු කිරීමට කිරීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා. ඒ අනුව කොළඹ ගොල්ෆේස් ප්‍රදේශය, අලුත්කඩේ උසාවිය ප්‍රදේශය, බේරුවල, බෙන්තොට, හික්කඩුව, ගාල්ල, ඇල්ල යන ප්‍රදේශවල රාත්‍රී කාලයේ වැටලීම් සිදු කරන බවයි එහි අධ්‍යක්ෂක වැටලීම් සහ විශේෂ විමර්ශන අංශයේ සංජය ඉරසිංහ සඳහන් කළේ. වැඩි මිලටContinue Reading

කෙන්යාවේ ආරක්ෂක හමුදා ප්‍රධානියා හෙළිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂය ට පත්වී ඇති බව වාර්තා වෙයි. ජෙනරාල් ෆ්‍රැන්සිස් ඔමොන්ඩි ඔගොල්ලා ඇතුළු 11 දෙනෙක් ගමන්කරමින් සිටි හෙළිකොප්ටරය කෙන්යාවේ බටහිර ප්‍රදේශයකදී  අනතුරට ලක්වී ඇති බව එරට ජනාධිපතිවරයා පැවසීය.   ජෙනරාල් ෆ්‍රැන්සිස්, කෙන්යාවේ උසස්ම හමුදා නිලධාරියා වෙයි. එම අනතුරෙන් දිවි ගලවා ගැනීමට වාසනාව ලැබී ඇත්තේ දෙදෙනෙක්Continue Reading