විද්‍යුත් මාධ්‍ය සඳහා ආචාරධර්ම පද්ධතියක් හඳුන්වාදීම සඳහා හැකිවන ලෙස නව විකාශන නීතියක් හඳුන්වා දීම සඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කර තිබේ. මහජනතාවට වගවන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම අරමුණු කරගනිමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත. ඒ අනුව අධිකරණ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුතුව අදාළ අමාත්‍ය මණ්ඩලයContinue Reading

තරුණ නිර්මාණශීලීන් සමග එක්වෙමින් වර්තමානයේ රටේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයන්ට විසදුම් සෙවීම සදහා Online තාක්ෂණය ඔස්සේ නිමි ඇදුම් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ලෙස වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති සන්නාමයක් ලෙස GFLOCK හදුන්වා දිය හැකියි. ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තරය තුළ වඩාත් ප්‍රචලිත ශ්‍රී ලාංකීය වෙළෙද සන්නාමයක් බවට GFLOCK පත් කිරීමට ඔහු සමත්Continue Reading

ක්‍රිකට් පිටියේ අලුත්වන නීති එළඹෙන ඔක්තෝබර් පළමු වනදා සිට ක්‍රියාත්මක වන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසයි. මෙම නව නීති ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළට එකතු කිරීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ ප්‍රධාන කමිටු රැස්වීමේදී තීරණය කර තිබුණි. ඒ අනුව එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද මෙම නව නීති යටතේ පැවැත්වෙයි. එහිදී ඉදිරිපත්Continue Reading

යුක්‍රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් රුසියාවට දඬුවමකට මුහුණ දීමට සිදු වන බව යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි පවසයි.  ඔහු මේ බව කියා සිටියේ, නි‍ව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරය වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින්ය.  ජනාධිපති වොලොදිමිර් සෙලන්ස්කි එම සමුළුවේදී ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටියේ, රුසියාවට එරෙහිව යුද අපරාධ පිළිබඳව අධිකරණයක් ස්ථාපනයContinue Reading

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි “බන්දුල” නමැති අලියා අද අළුයම මියගොස් ඇති බව වාර්තා වෙයි. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයත් සමඟ දෙපා අප්‍රාණිකව බිම ඇදවැටීමත් සමඟ පශු වෛද්‍යවරුන් විසින් අලියාට ප්‍රතිකාර සිදුකර ඇතත් ඒ වනවිට එම සත්වයා මියගොස් සිට ඇති බව වාර්තා වෙයි. මිය යනවිට එම සත්වයාගේ වයස අවුරුදු 89කි.Continue Reading

එක්සත් ජාතීන්ගේ 77 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සංවිධානය කළ උත්සවය අතර තුර විදේශ ඇමැති අලි සබ්රි මහතා සහ ජෝ බයිඩන් අතර හමුවක් සිදු විය. ජනාධිපති ආර්යා ජිල් බයිඩන් ද එම අවස්ථාවට එක් වූවාය. එක්සත් ජාතීන්ගේ 77 වෙනි මහා මණ්ඩලය ශ්‍රී ලංකාවContinue Reading

රිදියගම සෆාරි සත්වෝද්‍යානයේ දෙවන කොටසත් ලබන මස 04 දින සිට මහජනතාවට විවෘත කිරීමට සැලසුම්කර තිබේ. ශ්‍රී ලංකාවේ පළමු සෆාරි සත්ව උද්‍යානය වන මෙහි දැනට මහජනතාව සඳහා විවෘත කොට තිබෙන්නේ සෆාරි උද්‍යානයට නියමිත භූමි ප්‍රමාණයයෙන් කොටසක් පමණි. එහි අක්කර 34කින් සමන්විත වන දෙවන කොටස මහජනතාව සඳහා විවෘත කිරීමට පියවර ගන්නා ලෙසContinue Reading

ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට ගෙන ගොස් ඇති දුර්ලභ සහ ඓතිහාසික වටිනාකමකින් යුතු ග්‍රන්ථ හා ලිපි ලේඛන ඇතුළත් විශේෂ පොත් ප්‍රදර්ශනයක් 75 වන නිදහස් සමරුවට සමගාමීව සංවිධානය කිරිමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර ශාලා පරිශ්‍රයේ දී 23 වනContinue Reading

පසුගිය වසරේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි දෙසිය හැටක ආදායමින් රුපියල් කෝටි දෙසිය තිහක් සේවක අතිකාල වශයෙන් ගෙවා තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පාර් ලිමේන්තුවෙදී ඊයේ (22) ප්‍රකාශ කළේය. දෙපාර්තමේන්තුවේ සමස්ත සේවක වැටුප් සඳහා එම වසරේදී රුපියල් කෝටි හත්සියයක් වැය කර ඇති බවත් දුම්රිය ගාස්තු දෙගුණයකින් වැඩිContinue Reading

අනියම් ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීමට කරන ලද යෝජනාවක් ප්‍රතික්ෂේප කළ බව කියන තිස්හත් හැවිරිදි දෙදරු මවක් වන ඇඟලුම් සේවිකාවකට ඉතා අමානුෂික ලෙස පිහියකින් ඇන ඝාතනය කොට පයිනස් වත්තක සැඟ වී සිටි හතළිස් හත් හැවිරිදි සැකකරු ඊයේ 22 පාන්දර අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලිසිය පවසයි. එසේ ඝාතනය කොට ඇත්තේ අලවල හෑපනාකන්ද පදිංචිවContinue Reading