මීගොඩ කොම්පයාහේනේ නිවසකින් යතුරුපැදියක් සොරකම් කර, පදවමින් සිටි පාසල් ළමයින් දෙදෙනකු එම යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගත් මීගොඩ පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොම්පයාහේන ප්‍රදේශයේ පදිංචි, ගොඩගම ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන 16 සහ 17 යන වයස්වල දරුවන් දෙදෙනකු බව පොලීසිය පවසයි. මීගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළුContinue Reading

ගාල්ල පොලිස් වසමේ දඩල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් ඉදිරිපිට දී ඊයේ (18) සිදු කළ වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් ඊයේ රාත්‍රී කාලයේ දී පිටිදූව, හීනටිගල හා බෝගහගොඩ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන ඇත. එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 24ත් 33ත් අතර වයස්වල පසු වන හබරාදුවContinue Reading

මාරවිල, මුහුදුකට්ටුව ප්‍රදේශයේ දී මුහුදට ගිය බෝට්ටුවක් පෙරළී යාමෙන් ජපන් ජාතිකයෙකු ඇතුළු සිව්දෙනෙකු අතුරුදන් වී ඇති බව පොලීසිය පවසයි. අතුරුදන් වී ඇති බව කියන බෝට්ටුවේ හිමිකාරිනිය වන මාරවිල – උතුරු මූදුකටුවේ පදිංචි ශ්‍රියානි ජීවනී ප්‍රනාන්දු යන අය විසින් ඒ බව අද (19) අලුයම 03.30ට පමණ මාරවිල පොලීසියට දැනුම් දීමට කටයුතුContinue Reading

බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ හපුතලේ සහ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හරහා වැටී ඇති මාර්ග කිහිපයක් අද 18 අලුයම සිට පස්කඳු කඩාවැටී අවහිර වී තිබුණි හාලිඇල කැටවල මාර්ගය කිරිගොල්ල ස්ථානයෙන් පස්කන්දක් කඩාවැටී සම්පූර්ණයෙන් අවහිර වී තිබුණි . බෝගහකූඹුර වැලිබිස්සාවෙල හරහා හෙවනකුඹුර මාර්ගය ස්ථාන කිහිපයකින් පසු කඳු කඩා වැටී අවහිර වී තිබුණි. කැප්පිටිපොලContinue Reading

පුද්ගලයන් රවටා වංචනික ලෙස බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරවා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, ලද තොරතුරකට අනුව ගිරාදුරුකොට්ට, මිලැත්තෑව සහ සුවශක්තිපුර ප්‍රදේශවල දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.  අත්අඩංගුවට ගෙන ඇත්තේ, 25 හා 37 හැවිරිදි ගිරාදුරුකොට්ට ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් පිළිබඳ සිදු කළ මූලික විමර්ශනවල දී අනාවරණයContinue Reading

වොෂින්ටනයේ ඉල්ලීම මත සෑම දින දෙකකට වරක් ගාසා තීරයට ඉන්ධන ලීටර් 140,000 ක් ලබා දීමට ඊශ්‍රායලයේ යුද කැබිනට් මණ්ඩලය එකඟ වී ඇති බව එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ මීට පෙර ඊශ්‍රායලය දිනකට ඉන්ධන නැව් දෙකක් භූමියට ඇතුළු කිරීමට තමන් එකඟ ව තිබූ බවයි. මානුෂීය සැපයුම්Continue Reading

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්කිරීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.Continue Reading

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලද පනත් කෙටුම්පත් හතරක් සඳහා කථානයක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) සිය සහතිකය සටහන් කර තිබේ. ඒ අනුව, ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පත, දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පත, සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සහ පළාත් පාලන ආයතන ඡන්දContinue Reading

මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ සාගරිකා ශීඝ්‍රගාමී දුම්රියේ වාද්දුව – පිංවත්ත දුම්රිය මාර්ගය අතර ගවයෙකු ගැටී අනතුරක් සිදුව තිබේ. අනතුරත් සමග දුම්රිය කාර්මික දෝෂයකට ලක්ව ඇති අතර, මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇතැයි වාර්තා වේ.Continue Reading

ග්‍රෑන්ඩ්පාස් කෙත්තාරාම පාර ප්‍රදේශයේ පිහිටි මුද්‍රණාලයක ගින්නක් හටගෙන තිබේ. පස්වරු 4.45ට පමණ හටගත් ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනිනිවීමේ රථ 04ක් එම ස්ථානයට පිටත් කර ඇති බව කොළඹ මහ නගර සභාවේ ගිනිනිවීමේ ඒකකය සඳහන් කළේය.Continue Reading